ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්න යළිත් අවසර

Published in පුවත්
Friday, 31 May 2024 14:06

තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය, යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේ පැවසුවේය.

ඒ අනුව නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබාදීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවසර ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා කෙරුණේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

නියමිත ප්‍රමාණය ඉක්මවා ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කල බව සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙහිදී පැවසූහ. ඒ එම වයස් ඛණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබු නිෂ්පාදන හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බව එම නිලධාරීහු කරුණු දක්වමින් පැවසූහ. කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා, එලෙස කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී තිබේ.

මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් වෙනත් පෝෂණ ආහාරයක් නිෂ්පාදනය කිරීමට තම සමාගම සුදානම් බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීහු පැවැසුහ. එම නිෂ්පාදනය සිදුකිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයක් අවශ්‍ය බවත් එය රුපියල් මිලියන 400ක් පමණ වන බවත් එම නිලධාරීහු සංසදය හමුවේ පැවසූහ. කෙසේ වෙතත් එම මුදලින් අඩක් හෝ මෙරට රජයෙන් ලබාදෙන්නේනම් ලෝක අහාර වැඩසටහන මගින් ඉතුරු මුදල ලාබ දීමට සුදානම් බව දන්වා ඇති බව ලංකා ත්‍රිපෝෂ සමගමේ නිලධාරීහු පැවසූහ. ඒ අනුව මේ කරුණ සම්බන්ධයෙන් තවදුරටත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරිය පැවසුවාය.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මක බැවින් ඉහළ බඩඉරිගු වගා කිරීමේ අවශ්‍යතාවය හා ත්‍රිපෝෂ නිෂ්පදන අවස්ථාව තෙක් එම ගුණාත්මක බව රැකගැනීම සඳහා කලයුතු කාර්යයන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමත්‍යාංශයේ හා ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

- දිනමිණ

Last modified on Friday, 31 May 2024 14:07

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us