මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට මෝදිගෙන් ජනපතිට ආරාධනාවක්

Published in පුවත්
Thursday, 06 June 2024 08:25

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිතව තිබේ.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (05) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබපැතුම් එක්කර තිබේන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ඔහු එම ආරාධනය පිළිගෙන ඇති බව සඳහන්ය.

මේ අතර වත්මන් ඉන්දීය රජයේ අවසන් කැබිනට් රැස්වීමෙන් අනතුරුව නව රජයක් පිහටුවීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන් හිදී ඉන්දීය ජනාධිපති ද්‍රව්පදි මුර්මු මහත්මිය හමුවු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස සිය තුන්වැනි ධුර කාලය සඳහා නරේන්ද්‍ර මෝදී ලබන සෙනසුරා දිනයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

එම දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ද සහභාගි වීමට නියමිතය.

-P.M

Last modified on Thursday, 06 June 2024 10:53

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us