අතුරලියේ පවුල් 50කට පාචනය ! වෛද්‍ය කණ්ඩායම් ඔරුවලින් ගොස් ප්‍රථමාධාර අරඹයි

Published in පුවත්
Thursday, 06 June 2024 08:36

පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල, කොඩිගහකන්ද යන ප්‍රෙද්ශයන්හි පවුල් 50 කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

පාචනය ,වමනය සෑදුණ පිරිස අතර කුඩා දරුවන් 10 දෙනෙකු සිටින බව වෛද්‍යවරු පැවසූහ.

බලකාවල කොඩිගහකන්ද ගම්වාසීන් දින 07ක් තිස්සේ ගංවතුරින් කොටු වී වටවී ඇති බවත් ලෙඩ රෝග පැතිරී අන්ත අසරණ වී ඇති බවත් කියති.

වෛද්‍ය කණ්ඩායමක් ඔරුවකින් අවශ්‍ය ඖෂධ රැගෙන ගම්මානයට ගොස් රෝගීන් පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම සිදු කරති.

මේ සඳහා අතුරලිය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය රුවිනී විජේසිංහ, වෛද්‍ය හර්ෂ ලුණුවිල, මහජන සෞඛ්‍ය පරීක්ෂක තේනුවර යන මහත්ම මහත්මින් ඇතුළු කාර්යමණ්ඩලය එක්ව සිටිති.

එමෙන්ම ගම්මානයේ වෙළෙඳසැල් වල සිනී ඇටයක් හාල් ස්වල්පයක් නොමැති බවත් එබැවින් ගම්වාහු පවසති.

අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය ගෙන් විමසීමේදී නිසි සම්බධීකරණයෙන් පෙර සිටම වෛද්‍ය සායන පැවැත්වීමට සූදානම් කර තිබූ බවත් මී උණ කරල් විශාල පිරිසකටත් ලබා දීමට කටයුතු කළ බවත් කීය. පාචනය වැළදුණු දස දෙනෙකු අකුරැස්ස රෝහලට බෝට්ටුවෙන් ප්‍රවාහනය කොට ප්‍රතිකාර ලබා දිමට පියවරගත් බවත් පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us