දේශීය ඖෂධ මිළ දී ගැනීමේ කැබිනට් පත්‍රිකාව නැවතත් ප්‍රතික්ෂේප වෙලා

Published in පුවත්
Saturday, 30 November 2024 10:42

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ තුන්සිය අටක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය සහිතව ඉදිරිපත් කිරීම නිසා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය බවට පත් විය. ඖෂධ මිලදී ගැනීම සඳහා වූ කැබිනට් මණ්ඩල පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂය යටතේ පමණක් ඉදිරිපත් කර තිබූ නිසා එය ප්‍රතික්ෂේප වී ඇත. ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබේ.

දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ගැනීමට අදාළව මාස තුනක සිට කැබිනට් පත්‍රිකා යොමු කළ ද ඒවා අනුමත නොවිණි. පළමු වරට එම පත්‍රිකාව ඉදිරිපත් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණය. ඒ අනුව කැබිනට් පත්‍රිකාවේ අඩුපාඩු නිවැරදි කරමින් පසුගිය සතියේ එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැනීමට යොමුකළ අවස්ථාවේදී ඒ සඳහා අනුමැතිය දී නැත්තේ අදාළ කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ පමණක් යොමුකළ නිසා බව වාර්තා වේ.

කෙසේ වුවද මෙතෙක් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට ලබන වසර (2025) සඳහා ඖෂධ ගැනීමට ඇණවුම් ලබාදී නොමැති තත්ත්වය මත ලබන වසරේ ජනවාරි මාසය වනවිට ඖෂධ සැපයීම සිදුකළ නොහැකි බව දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා මාස තුනක කාලයක් ගතවන බව එම සංගමය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us