දළදා මාලි­ගා­වේ අලුත් සහල් මංග­ල්‍යය හෙට

Published in පුවත්
Friday, 02 January 2026 08:56

ශ්‍රී දළදා සමි­ඳුන් උදෙසා වාර්ෂි­කව සිදු කෙරෙන අලුත් සහල් මංග­ල්‍යය පෞරා­ණික චාරි­ත්‍රා­නු­කූ­ලව හෙට (03) ශ්‍රී දළදා මාලි­ගා­වේදී සිදු කෙරෙයි.

නව වසරේ අලුත් සහ­ලින් උතුම් දළදා සමි­ඳුන් පිදීම සෑම වස­ර­කම දුරුතු පුන් පොහෝ දින පැවැ­ත්වෙන්නේ දළදා තේවාව භාර නායක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේගේ සහ දිය­ව­ඩන නිල­මේ­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙනි.

අලුත් සහල් මංග­ල්‍ය­යට අම­ත­රව අලුත් අවු­රුදු, ඇසළ පෙර­හර හා කාර්තික යන මංග­ල්‍ය­යන් වාර්ෂි­කව සතර මහා මංග­ල්‍ය­යන්ට අදා­ළව ශ්‍රී දළදා මැඳු­රේදී පැවැ­ත්වෙයි.

ශ්‍රී දළදා මාලි­ගා­වට අයත් කෙත් වතු­ව­ලින් නෙළා­ගන්නා වී අස්වැන්නේ අග්‍ර ඵලය පල්ලේ­කැලේ පිහිටි ශ්‍රී දළදා මාලි­ගා­වට අයත් වී අටුවේ තැන්පත් කර තැබී­මෙන් පසු අලුත් සහල් මංග­ල්‍යය සඳහා අවශ්‍ය සහල් දළදා මාලි­ගාව වෙත රැගෙන එනු ලබන්නේ අලි ඇතුන් සහිත පෙර­හ­ර­කිනි.

පෞරා­ණික චාරි­ත්‍රා­නු­කූ­ලව ශ්‍රී දළදා මාලි­ගාව, සිවු මහා දේවාල හා පිටි­සර දේවා­ල­ව­ලට අයත් සහල් කොටස් වෙන් කිරීම පල්ලේ­කැලේ අටු­වේදී සිදු කරනු ලබන්නේ ඊට පෙර දිනය. මෙවර අලුත් සහල් මංග­ල්‍යය සඳහා අවශ්‍ය සහල් පෙර­හ­රින් රැගෙන ඒම පසු­ගිය 30 වැනිදා සිදු කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us