කුඩා දරුවන් සමග සිගාකන්නන්ට නීතිය දැඩියි.

Published in පුවත්
Thursday, 23 October 2014 11:44

කුඩා දරුවන් සමග සිඟමනේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට ලබා දෙන ලෙසය.

මීට වසරකට පමණ පෙර දඹුල්ල ප‍්‍රදේශයේදී  අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිඟමන සඳහා යොදාගත් බව කියන යාචකයෙකු  ඊයේ අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගැනුණි. මේ වන විට අදාළ සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අදාළ දරුවා සිය මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිටියදී මෙම පැහැරගැනීම සිදුවී ඇත.

කෙසේ වෙතත් අදාළ මිත්තණිය ද සිඟමනේ යෙදුණු කාන්තාවක් බව පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම දරුවා සොයා ගැනීමට පොලිසිය විසින් මාස 10ක පමණ කාලයක් විවිධ උත්සහ දැරීය. දඹුල්ල පොලිසිය වෙත ලද තොරතුරක් මත එවැනි දරුවෙකු සොයාගෙන ඇත. එම සොයාගත් දරුවාගේ මව සහ මිත්තණිය විසින්, තමන්ගේ දරුවා බවට හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම දරුවා යාචකයෙක් බාරයේ තබාගෙන සිට ඇති අතර දරුවාගේ මිත්තනිය ද යාචක වෘත්තියේ දී සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මාතෘත්වය හා පිතෘත්වය පරික්ෂා කිරීම සදහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ය.

Last modified on Thursday, 23 October 2014 12:01

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us