මෛත්‍රී දේවදූතයෙක්. මම යකෙක් - මහින්ද උතුරේ ජනතාවට කියයි (video)

Published in පුවත්
Friday, 02 January 2015 21:14

‘නොදන්නා දේවදූතයාට වඩා දන්න යකා හොඳ බැවින් තමන් යකාට ඡන්දය දෙන්නැයි’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ උතුරේ ජනයාගෙන් ඉල්ලීමක් කළේය.

කලින් යුද කලාපයක් වූ උතුරු පළාතේ මැතිවරණ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා විසින් ම ඔහු හඳුන්වා ගත්තේ ‘දන්නා යකා’හැටියටයි.

ඔහු එම ප්‍රකාශය කළේ යාපනයේ සංවිධානය කර තිබුණ මැතිවරණ රැළියක් අමතමිනි.

‘නොදන්නා දේවදූතයාට වඩා දන්න යකාට ඡන්දය දෙන්නැයි’ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සිංහල භාෂාවෙනි.

මෙය තමා බලයට පත්වීමෙන් අනතුරුව සිදු කරන එකොළොස් වැනි යාපන සංචාරය බවත් ඔහු සිහිපත් කළේය.

‘අපි ඔබට විදුලි බලය දුන්නා. කෝච්චිපාර දුන්නා, අළුත් පාසල් දුන්නා. ඔබට ජල පහසුකම් සම්පාදනය කිරීමටත් අපට අවශ්‍යයි’ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය. දෙමළ ප්‍රශ්න තිබේ නම් ඩග්ලස් සමඟ සාකච්ඡා කර එවා විසඳ ගන්න පුලුවන් බවද කීවේය.

 

Last modified on Friday, 02 January 2015 21:16

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us