මහින්ද පටන් ගත්ත තැනින්ම අවසන් කරයි

Published in පුවත්
Tuesday, 06 January 2015 11:50

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(06) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ ජනාධිපති සටන ආරම්බ කළේ ජයශ්‍රී මහ බෝධිය වන්දනා කිරීමෙනි. අද සිය පාලන සමය අවසන් කරන්නටත් ඔහු ජයශ්‍රී මහ බෝධිය වන්දනා කිරීමත් දෛවෝපගත සිදුවීමකි.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජය පිරිත් දේශනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම අවස්ථාවට වැඩම කර සිටි මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥාණතිලක ,ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රැළපානාවේ ධම්මජෝති යන නායක ස්වාමීන් වහන්සේලා සමඟ ද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වී තිබේ.

මෙහිදී ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි සිටි සැදැහැවතුන් සමග ද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වී ඇත.

Last modified on Tuesday, 06 January 2015 13:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us