'එජාපයේ නිරීක්ෂණ චාරිකා බිස්නස් එකක්'

Published in පුවත්
Saturday, 19 July 2014 10:26

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රාජ්‍ය ආයතන නිරීක්ෂණය කිරීමට යන්නේ ඒවාට යහපතක් කිරීමට නොව හැකි වූ දිනක ඒවා විකුණා දැමීමට සැලසුම් සකස් කිරීමට බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එවැනි නිරීක්ෂණ චාරිකාවලට මහජනතාව විරුද්ධ වන්නේ ද ඒ නිසා බව මිනුවන්ගොඩ ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේය.

​කෙසේවෙතත් ගම්පහ දිස්ත‍්‍රික්කයට ද නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණෙන්නැයි විපක්ෂයේ කණ්ඩායම්වලට ආරාධනා කරන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසිය.

මේ අතර ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කියා සිටියේ, රාජ්‍ය ආයතනවල තමන් කරන නිරීක්ෂණ වළක්වාලීමට ආණ්ඩුව විවිධ උත්සහයන් දරන බවයි. එහෙත් තමන් තවදුරටත් එවැනි නිරීක්ෂණ චාරිකාවල යෙදෙන බව ඔවුන් පැවසුහ.

හම්බන්තොට දී පිස්තෝලවලින් එම ගමන නතර කිරීමටත්, නොරොච්චෝලේදී මල්මාලාවලින් එම ගමන නතර කරන්නටත් ඒ සියල්ල අසාර්ථක වූ පසු තම හෙන්චයියලාට මත්පැන් පොවා ගේට්ටුවසා තෙල් පිරිපහදුවට යාමට නතර කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා එහිදී පැවසීය.

පෙරේදා (17) සපුගස්කන්ද තෙල් පිරිපහදුව නීරීක්ෂණය කිරීම සදහා ගිය එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට මුහුණ දීමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එබව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කොට සිටියේ, ඛනිජ තෙල් සංස්ථාව දිනකට ලක්ෂ 218ක පාඩුවක් ලබන බවත් දිනකට ණය වාරික ලෙස ලක්ෂ 11,479 ක අතිවිශාල මුදලක් ගෙවන බවත් ය. ඒ අතර තුර සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්ධක් ජනතාවගෙන් අය කරගන්නා බවත් තෙල් සංස්ථාවේ සිදුවන මේ සියලු අකටයුතුකම් වසා ගැනීමට ආණ්ඩුව ජනතාව රවටන බවත් ඔහු පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us