දෙව්රම් වෙහෙරේ අලි පැටියා රැගෙන යයි

Published in පුවත්
Saturday, 19 July 2014 17:23

මීරිගම කණ්ඩලම වලව්වෙන් බේරාගනු ලැබ පන්නිපිටිය දෙව්රම්වෙහෙරේ රඳවා සිටි අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් භාරගෙන උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන විත් ඇත.

මෙම අලි පැටවා දෙව්රම්වෙහෙරට භාර දී තිබුණේ අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවය. කෙසේ වෙතත් අදාළ අලි පැටවා නැවත ඇත් අතුරු සෙවණට රැගෙන යන්නැයි ගම්පහ මහාධිකරණය ඊයේ නියෝග කළේය.

ඒ අනුව, පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ නිසි අවසරයකින් තොරව රඳවාගෙන සිටි අලි පැටවා වනජීවි නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් මත රැගෙන ගියේය.

එහිදී කෙරුණු මෙහෙයුම සම්බන්ධයෙන් කරුණු දැක්වූ බස්නාහිර පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඞී. ඉන්ද්‍රජිත් මහතා, " ගම්පහ මහ අධිකරණ නියෝග මත පන්නිපිටිය දෙව්රම්වෙහෙර පූජනීය ස්ථානයට ගිහිල්ලා එම ස්ථානයේදී මෙම නඩුවට අවශ්‍ය අලිපැටවා බාර අරගෙන ඊයේ රාත‍්‍රීය පුරා ප‍්‍රවාහනය කරමින් අද අලුයම උඩවලව ඇත් අතුරු සෙවණට ගෙනවිත් භාර දුන්නා.... " යයි පැවසිය.

වනජීවී නිලධාරීන් විසින් අදාළ අලි පැටවා භාර ගන්නා අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් පිරිසක් ද පන්නිපිටිය දෙව්රම්වෙහෙරට ගොස් සිටි අතර ඔවුනට දැඩි බාධාවන්ට මුනදිමටද සිදුවිය.

එම මාධ්‍යවේදීන්ට එහිදී ගල්මුල් ප‍්‍රහාරයකට ලක් වූ අතර පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එම එක් සැකකරුවෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි.

"පන්නිපිටිය දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ සිටි අලි පැටවෙකු වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.... මේ අවස්ථාව ආවරණයට ගිය මාධ්‍යවේදියෙකුට පුද්ගලයෙකු විසින් ගලකින් පහර දී තිබෙනවා... ඒ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මහරගම පොලිසියේ රදවා තිබෙනවා.. ඔහු අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි... " යයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us