බොරු කතා වැඩක් නෑ, අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. - ජවිපෙ

Published in පුවත්
Tuesday, 17 March 2015 08:10

විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් කල් නොදමා අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (16 දා) හදිසියේ රැස්‌වී තීරණය කර ඇත.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්‌වීම බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේදී පැවැතිනි.

ජනාධිපතිවරණයේදී ජනතාව දුන් ජනවරමත්, දින සියයේ වැඩසටහනෙන් පොරොන්දු වී ඇති ආකාරයටත් මහ මැතිවරණ පැවැත්වීම සඳහා අප්‍රේල් 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවද ජවිපෙ මෙම මධ්‍යම කාරක සභාවේදී නිගමනය කර ඇත.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතුය යන්න ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌ථාවරය වුවත් පවත්නා ඇතැම් ප්‍රායෝගික ගැටලු නිසා එහි බලතල හැකි උපරිම ප්‍රමාණයෙන් සීමා කිරීම හා සමහර බලතල ඉවත් කළ යුතුය යන්ස මෙහිදී ජවිපෙ සාකච්ඡාවට ව්‍යවස්‌ථාවට බඳුන්වී ඇත.

ජනාධිපතිවරයා කිසියම් බලතල ප්‍රමාණයක්‌ තබා ගත යුතු යෑයි යන යෝජනාවට තම පක්‍ෂය එකඟ වන්නේ එය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයට පමණක්‌ සීමා විය යුතුය යන කොන්දේසිය යටතේ පමණක්‌ බවද දැනට කෙටුම්පත් කර ඇති ව්‍යවස්‌ථා සංශෝධන තුළ සාධනීය ලක්‌ෂණ රැසක්‌ තිබෙන බවද ජවිපෙ පිළිගෙන ඇත. ඒ අනුව ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඉහත ස්‌ථාවරයේ සිට කටයුතු කිරීමට සහ අවශ්‍ය වන්නේනම් සංශෝධන ඉදිරිපත් කිරීමටද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එමෙන්ම නව මැතිවරණ ක්‍රමයක්‌ සකස්‌ කරද්දී එය වත්මන් මැතිවරණ ක්‍රමයට වඩා සාධාරණ, නිවැරදි හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී එකක්‌ විය යුතු බව ද තීරණය කර ඇති ජවිපෙ මධ්‍යම කාරක සභාව මෙරට සියලුම ජන කණ්‌ඩායම් සහ ඒ ඒ පක්‍ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ඡන්ද දායකයන්ගේ කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන මැතිවරණ ක්‍රමයක්‌ සඳහා දායක විය යුතු බවද අවධාරණය කර ඇත.

 

divaina

Last modified on Tuesday, 17 March 2015 08:13

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us