ද්විත්ව පුරවැසිභාවයට සුදුසුකම් ලැබීමට නිර්ණායක 6ක්‌

Published in පුවත්
Tuesday, 17 March 2015 08:21

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්නායක හයක්‌ ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

වෘත්තීය සුදුසුකම් හෝ අධ්‍යාපන සුදුසුකම් තිබීම, ශ්‍රී ලංකාව තුළ රුපියල් මිලියන 2.5 ක හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් නිශ්චල දේපළ හිමිකම තිබීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බැංකුවක රුපියල් මිලියන 2.5 ක්‌ හෝ ඊට වැඩි මුදලක්‌ වසර 03 ක කාලයක්‌ සඳහා ස්‌ථාවරව තැන්පත් කිරීම, මහ බැංකුවේ අනුමත ඕනෑම වාණිජ බැංකුවක අනේවාසික විදේශ මුදල් ගිණුම් හෝ නේවාසික විදේශ මුදල් ගිණුම් කළ ඩොලර් 25000 ක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ වසර 03 ක කාලයක්‌ සඳහා ස්‌ථිර තැන්පතුව පවත්වාගෙන යැම, භාණ්‌ඩාගාර සුරැකුම්පත් හෝ සුරැකුම්පත් ආයෝජන ගිණුමක ඩොලර් 25000 ක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ වසර 03 ක කාලයක්‌ සඳහා ආයෝජනය කිරීම සහ වයස අවුරුදු 55 සම්පූර්ණ කිරීම යන සුදුසුකම් අතුරින් අවම වශයෙන් එක්‌ සුදුසුකමක්‌ හෝ සපුරණ අයෙකුට මේ සඳහා අයැදුම් කළ හැකි වෙයි.

සුදුසුකම් ලබන අයැදුම්කරුවකුගේ කාලත්‍රය හෝ වයස අවුරුදු 22 ට අඩු අවිවාහක දරුවන්ද ද්විත්ව පුරවැසිභාවයට සුදුසුකම් ලබයි.

මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍යාංශය නව පරිපාලන ක්‍රමවේදයක්‌ යටතේ මෙම ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සකස්‌ කර ඇත.

මෙම යෝජනාවට ඇමැති ජෝන් අමරතුංග මහතා ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ද ලබාගෙන තිබේ.

 

divaina

Last modified on Tuesday, 17 March 2015 08:36

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us