හිටපු ජනපතිනියට හූ කියූ පිරිසට ඇප

Published in පුවත්
Sunday, 12 April 2015 18:07

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිසා සමුළුවේ දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බැන වදිමින් හූ කී පිරිසකට විරෝධය දැක්වූ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දුන් බවට සැක පිට අධිකරණයට ඉදිරිපත් වූ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ නීතීඥයෙක් ඇතුළු පස් දෙනෙක් ඇප මත මුදා හැර තිබේ.

කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් සුදත් විජේවික්‍රම මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් 2500ක මුදල් ඇප මෙම පුදගලයන් නිදහස් කොට ඇති බව වාර්තා වේ.

මෙම පිරිස ශ්‍රීලනිප පාක්ෂිකයන් වන අතර කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන් වන අබ්දුල් සත්තාර, සංජීව විතාරණ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක රණසිංහ, නීතීඥ අරුණ දිසානායක සහ එම් කේ පුෂ්පකුමාර යන අයවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us