රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වැඩභාර ගනී

Published in පුවත්
Friday, 08 May 2015 13:36

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්යවරියක සහ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ සිය රාජකාරී අද (08) නිල වශයෙන් ආරම්භ කළාය.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද පෙරවරු 10.02ට යෙදී තිබුණු සුබ මොහොතින් එතුමිය සිය රාජකාරී ආරම්භ කළාය.

කිසිදු පුද්ගලික දැනහැඳුනුම්කමකින් තොරව තමා මෙම ධූරයට පත්කළ ජනාධිපතිතුමාටත්, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාටත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාටත් ස්තූතිය ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජනරාල්තුමිය මාගේ දර්ශනය වන්නේ ඔබේ දැක්ම හා මෙහෙවර ප්‍රකාශනය බව ද පෙන්වා දුන්නාය.

දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාධ්‍ය ජාලය බවට පත් කිරීමට දෛනිකව එකම කාර්ය භාරය බවට පත් කරන බවත් ඒ සඳහා සාක්ෂාත් කර ගැනීමට අනලස්ව අපක්ෂාතීව හා කැපවීමේ කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩබ්.ටී.එන්.අමරතුංග මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us