ප්‍රංශ ජනාධිපති ඉතිහාසගත මිනිසා හමුවේ.

Published in පුවත්
Thursday, 14 May 2015 20:32

'' මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක්‍රියාවලිය ගැන විවිධ විග්‍රාහයන්, විවේචන තියෙන්න පුළුවන්. එහෙත් ඔහු ඉතිහාස ගත මිනිසෙක්. මම කියුබාවට පැමිණියේ එම මිනිසා බැහැ දැකීමට.''


කියුබානු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ විසින් ප්‍රංශ ජනාධිපති තුමාට පිලිගැන්වු රාත්‍රි භෝජන සංග්‍රහායේදි ප්‍රංශුවා ඔලොන්ද් ජනාධිපතිවරයා සිය දේශනය ආරම්භ කරමින් එසේ පැවැසීය.

ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස සලකමින් දශක හයක් පමණ ලෝකයෙන් හුදෙකලාවූ නිදහස් කියුබාවට පැමිණෙන ප්‍රථම බටහිර යුරෝපීය නායකයා වෙමින් පසුගියදා ප්‍රංශ ජනාධිපතිවරයා කියුබානු සංචාරයක් සිදු වුයේය. ඔහු සමග කියුබාවට පැමිනි කණ්ඩායම තිහක් පමණ විය. ඔවුන් අතර වැඩි දෙනෙක් කාන්තාවන්ය. ඔවුන් සියල්ලෝ ඇමතිවරු හා මන්ත්‍රී වරුය.

කියුබානු සංචාරයේදි ප්‍රංශ ජනාධිපති දින පොතෙහි නායක පිදෙල් කැස්ත්‍රෝ හමුවීමේ සඳහනක් නොමැත. එනමුදු පසුගිය සදුදා ප්‍රංශ ජනාධිපතිවරයා විසින් චේ ගුවේරා ස්මාරකයට උපහාර දැක්වීමෙන් පසු හවානා විශ්ව විද්‍යාලයේ සිසුන් සදහා දේශනයක් පැවැත් වුයේය. දේශනය අවසන්වී පිටත්ව යන ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු පිළිබද උපදේශක ජැක් උඩිබර්ඩ් මහතාගේ දුරකථනයට ඊළඟ විනාඩි 15 තුල හිටපු කියුබානු නායක අවුරුදු 88 වයැසැති පිදෙල් කැස්ත්‍රෝ හමුවීමට කැමැත්තෙන් සිටින බව දැන්වීය.

ඒ අනුව ජනධිපතිවරයා සමග විදේශ උපදේශක ජැක් උඩිබර්ඩ් හා සෙනට් සභාවේ හිටපු සභාපති සමාජවාදි පක්ෂයේ ජෝන් පියෙර් ඛෙල් බටහිර හවානා හී පිහිටි පිදෙල් කැස්ත්‍රෝගේ නිවසට ගියේය.

ඔවුන් පිලිගැනීමට කැස්ත්‍රෝ සමග ඔහුගේ බිරිඳ හා දියණියන් දෙදෙනෙක් පිළිසඳරට අසුන් ගත්තෝය.

ප්‍රථමයෙන් විප්ලවීය නායකයා කථාව අරඹමින් ''ඔබගේ මෙම ප්‍රථම හමුව ඉතිහාස ගත වෙනවා. ඒ වගේම මමත් ප්‍රංශයට පැමිණ තිඛෙනවා යැයි'' පවසමින් හරියටම විනාඩි පනහක කාලයක් කථා බස් කලේය. ජායාරූප ගැනීමෙන් පසු කිසිම මාධ්‍යයකට ඇතුළු වීමට අවසර නොවීය.

කෙසේ නමුදු කෘෂිකර්මය, වතුර හා පරිසරය රැකීම විෂය ප්‍රධාන කොට අදහස් හුවමාරුවූ බවත් ඔහුගේ අසනීප තත්වය ගැන ඇසු විට උරහිසේ ආබාධයක් ඇති බවත් ප්‍රතිකාර ගන්නා බවත්, චේ ගුවේරා ගැනද ඔහු සමග කථා බස් කල බවත් ප්‍රංශ ජනාධිපති කාර්යාලීය නිවේදන වල දැක්වේ.

ප්‍රංශ ජනාධිපති සමාජවාදි පක්ෂයේ ප්‍රංශුවා ඔලොන්ද්ගේ දේශපාලන තරුණ විය විප්ලවවාදි චේ ගුවේරාට දැඩි ලෙස ආදරය කළ කෙනෙකි. ඔහු ඔහුට ගරු කලේය . එබැවින් කියුබානු විප්ලවයේ පියා සමග ඔහුගේ විප්ලවවාදි සගයා ගැන කතා කිරීමට ලැබීම අතිශය සතුටට හේතුවක් බව ප්‍රංශ ජනපති පැවසීය.


කෙසේ නමුදු කියුබානු විප්ලවයේ පියා ලෙස සැලකෙන පිදෙල් කැස්ත්‍රෝ හමුව ප්‍රංශයේ සාමාන්‍ය ජනයාට විශේෂිත නොවුනත් ප්‍රංශ මාධ්‍ය, ලෝක දේශපාලන හා ප්‍රංශ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් වුයේය.

1959 ජනවාරි 01 වෙනිදා බැටිස්ටාගේ පාලනයෙන් මුදවා ගත් කියුබාව පිදෙල් කැස්ත්‍රෝගේ පාලනයට හසු වන්නේය. ඇමෙරිකාව සමග විරසකවීම හේතුවෙන් කියුබාවට එරෙහිව 1962 පෙබරවාරී 07 වෙනිදා සිට ආර්ථීක, වානිජ, මුදල් ප්‍රධාන කොට ජාත්‍යයන්තර තහංචි පැනවීය.

පිදෙල් කැස්ත්‍රෝ දැඩි ලෙස අසනීප වීමෙන් 2008 පෙබරවාරී 24 වෙනිදා රාහුල් කැස්ත්‍රෝ ජනාධිපති ලෙස නම් කළේය. ඔහුගේ ආගමනයෙන් පසු 2014 දෙසැම්බර් මස 17 වෙනිදා ඇමෙරිකාව විසින් පැනවු තහංචි ඉවත් කර ගන්නා බව ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා දැන්වීය. ඉන්පසු එරටට පැමිණි ප්‍රථම බටහිර රාජ්‍ය නායකයා ප්‍රංශ ජනාධිපති විය.

මින් පෙර 1974 දී ප්‍රංශුවා මිතොරොන්ග් කියුබාවේ සංචාරය කලද එකල ඔහු දේශපාලන පක්ෂ සමාඡිකයෙක් වුයේය. එබැවින් ප්‍රංශුවා ඔලොන්ද් කියුබාවට පැමිණි ප්‍රථම ප්‍රංශ ජනාධිපති ලෙස ඉතිහාසයට එක් වන්නේය. එහෙත් මෙම විශේෂ හමුව ගැන මාධ්‍යයේ හා දේශපාලන කරලියේ විවිධ අදහස් පලවේ.

පිදෙල් කැස්ත්‍රෝ ඒකාධිපතියෙකි. කියුබානු ජනතාව සිර ගෙදරක සිර කර තැබූ ඔහු මුණගැසීම ප්‍රංශය ලැජ්ජාවට පත් කිරීමක් බව දක්ෂිනාංශික පක්ෂ මන්ත්‍රී බුරූනෝ ලෙමෙර් මහතා මාධ්‍යයට පැවසීය. හමුවීම ඉතිහාසගත ජායා රූපයක් පමණක් යැයි සමහරු කීවේය. එවැනි විවිධ විග්‍රහයන් හී අඩුවක් නොමැත.

කෙසේ නමුදු ප්‍රංශ ජනාධිපති හා පිදෙල් කැස්ත්‍රෝ හමුව ඉතිහාසගතවී හමාරය. මෙම හමුවේදි පිදෙල් කැස්ත්‍රෝ පැලඳ සිටියේ අඩිඩාස් ලාංචනය සහිත කමිසයකි.


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

fidel f 3

fidel f 4fidel f 5

Last modified on Thursday, 14 May 2015 20:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us