බැසිල්ට අධිචෝදනා

Published in පුවත්
Friday, 15 May 2015 06:23

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරි සති දෙක ඇතුළත කොළඹ ‍මහාධිකරණයේ අධි ‍චෝදනා පත්‍ර භාර දෙන බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මහජන දේපළ අවභාවිතා කිරීම යටතේ හිටපු අමාත්‍යවරයාට සහ එම නඩුවේ සෙසු සැකකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දෙන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක, හිටපු දිවි නැඟුම අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. කේ. කේ. රණවක හා දිවි නැඟුම කලාප අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි යන මහත්වරුන් මේ වනවිට දිවි නැඟුම අරමුදල් අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටී. බැසිල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යාංශයේ සෙසු ප්‍රධානීන් තිදෙනා ලබන 20 වැනිදා යළිත් වරක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අතර පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කිරීමකින් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් 22 වැනිදා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. සිය සොහොයුරාගේ ඡන්ද ව්‍යාපාරයේ කටයුතු වෙනුවෙන් දිවි නැඟුම අරමුදලේ මුදල් යොදා ගැනීම සහ සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 70ක මුදලක් වැය කිරීම ආදී චෝදනා හිටපු අමාත්‍යවරයාට එල්ලවී තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය භාර ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ද බැසිල් රාජපක්ෂ මහතාය. මැතිවරණ පරාජයෙන් දින කිහිපයකට පසුව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය.

dinamina

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us