නියෝජ්‍ය වනජීවී අධ්‍යක්ෂගේ මිතුරා ළඟ අනවසර ඇත්දළ 08 ක්

Published in පුවත්
Friday, 15 May 2015 09:54

ලියාපදිංචි නොකරන ලද ඇත්දළ 08 ක් වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂගේ හිතවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ළග ඇති බවට කරුණු හෙළි වී ඇතැයි රහස් ‍පොලිසිය ඊයේ (14) අධිකරණයට කරුණු වාර්තා කළේය.

නීති විරෝධී අලි ඇතුන් වනයෙන් රැගෙන විත් රඳවා තබාගෙන විකිණීම සිදු කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේ රහස් ‍පොලිසිය එ් බව සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ වූ වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි මෙම නඩුවේ ෙතවැනි සැකකරු ලෙස මේ වන විටත් රක්ෂිත භාරයේ පසුවේ.

පළමු සැකකරු වන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නොහොත් “අලි රොෂාන්” නමැති තැනැත්තාගේ දෙවැනි සැකකාරිය වන වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනී නමැත්තියත් ඊයේ අධිකරණයේ පෙනී සිටිෙය්ය.

මෙහිදී රහස් ‍පොලිසිය පැවසූයේ අලි 11 දෙනෙක් රඹුක්කන පින්නවල අලි අනාථාගාරයේ අධිකරණ නියෝග මත රඳවා තබා තිබෙන බවයි. එක්තරා අලි පැටවකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබි එය වැටලීමට ගිය අවස්ථාවේදී ඒ අලි පැටවා අස්ථානගතවී අැති බවත් පැවසුවේය. මහරගම විපස්සනාරාමයේ භූමිය තුළ සිදු කරන ලද කැණීම් සිදු කෙරෙමින් පවතින බවත් නීතිපති උපදෙස් අනුව සියලුම අලි ඇතුන් සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙමින් පවතින බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us