ලංවිමට වාසියක්‌

Published in පුවත්
Friday, 15 May 2015 10:12

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික තාප විදුලි බලාගාර තුනක ගිවිසුම් දීර්ඝ නොකර මේ වසර ඇතුළතදී වසා දැමීමට තීරණයක් ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙගාවොට් 20ක විදුලි ධාරිතාවක් සැපයූ මාතර ඒ.එස්, මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් සැපයූ ඇඹිලිපිටිය ඒ.එස් සහ මෙගාවොට් 100ක විදුලියක් සැපයූ පුත්තලම හෙලදනව් තාප විදුලි බලාගාර තුන මෙසේ වසා දමන බව ඇමතිවරයා සඳහන් කළේය.

රජය සමග එළඹි ගිවිසුම් හේතුවෙන් කැලණිතිස්ස තාප විදුලි බලාගාරය පමණක් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණයක් ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සැපයුවත් නැතත් වසාදැමීමට නියමිත තාප විදුලි බලාගාර තුන සඳහා රජය රුපියල් මිලියන 3000 – 3500 අතර මුදලක් දැරූ බවත්, මේ හේතුවෙන් එම මුදල් ඉතිරිවන බවත් ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us