පළාත් පාලන ආයතනවල කළු කොඩි ඔසවයි

Published in පුවත්
Friday, 15 May 2015 10:39

නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 234ක පාලනය අද සිට විශේෂ නිලධාරියකු යටතේ සිදුකිරීමට නියමිතය. ආණ්ඩුවේ මෙම තීරණයට විරෝධය පළ කරමින් අද(15) දින සියලූ පළාත් පාලන ආයතනවල කළු කොඩි ඔසවා සිය විරෝධතාව පළ කරන බව වාර්තාවේ.

ඒ අනුව මහනගර සභා නාගරික කොමසාරිස්වරුන් යටතටද, නගර සභා සහ ප්‍රාදේශීය සභා නාගරික ලේකම්වරුන් යටතටද පත්වනු ඇති.මෙරට පවතින සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335කි. ඉන් 234ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, තවත් 65ක ධුර කාලය ජූලි 31 වනදායින්ද, 21ක ධුර කාලය සැප්තැම්බර් මස 16 වනදාද, පළාත් පාලන ආයතන 2ක ධුර කාලය නොවැම්බර් 31 වනදාද අවසන් වීමට නියමිතයි. මහනගර සභා, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත යන පනත්වල විධිවිධාන ප්‍රාකාරව ඒවායෙහි ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීමේ හෝ කෙටි කිරීමේ හැකියාවක් පවතිනවා.කෙසේ වෙතත්, එකී ආයතනවල නිල කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමටයි ආණ්ඩුව තීරණය කළේ.

ඉදිරියේදී කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණයක් පවත්නා පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත් කර ගැනීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යවරයා කියාසිටියා.

කෙසේ වෙතත්, පළාත් පාලන නියෝජිතයන් පවසන්නේ, අද සිට කොමසාරිස්වරයෙකුගේ පාලනය යටතට ගෙන එනු ලබන පළාත් පාලන ආයතන 234 නිල කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බවය.

ආණ්ඩුවේ තීරණයට විරෝධය පළ කරමින් අද දින සියලූ පළාත් පාලන ආයතනවල කළු කොඩි ඔසවා සිය විරෝධතා දක්වන බව එම නියෝජිතයන් කියා සිටියි. ඊට අමතරව රාත්‍රී කාලයේදී වීදි පහන් නිවා දැමීමට පියවර ගන්නා බවයි පළාත් පාලන ආයතන නියෝජිතයන් සඳහන් කළේ.

සබැදි පුවත්

පුංචි ඡන්දෙත් කොට්ඨාස ක්‍රමයට

Last modified on Friday, 15 May 2015 10:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us