විදේශගත ශ්‍රමිකයන් සඳහා අවම වැටුපක් ලබාදීම පිළිබඳ අවධානය

Published in පුවත්
Friday, 15 May 2015 11:16

රජය ඉදිරියේදී සෞදියේ  සේවය කරන ශ්‍රමිකයන්  සඳහා අවම වැටුපක් නිර්දේශ කිරීම පිළිබඳ එරට  බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් වැඩිම පිරිසක් සිටින්නේ සෞදි අරාබිය තුලයි. එම ප්‍රමාණය 500,000ක් පමණ වන බව පැවසේ.

ඇමතිවරිය පවසන පරිදි දැනට විවිධ ආයතන මගින් පිරිනමන වැටුප්වල විශාල විෂමතාවන් පවතියි. මෙය මගහරවා ගැනීම සඳහා මේ නව ක්‍රම වේදය ඉවහල්වනු ඇති බව ඇමතිවරිය පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලයේ උසස් නිධාරීන්  සමඟ මේ පිළිබඳ සාකච්ඡා කොට ඇති බව පැවසේ. මේ පිළිබඳ සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට සෞදි තානාපති කාර්යාලය   එකඟ වී ඇති බව විදේශ රැකියා කාර්යාලය පවසයි.

එම කාර්යාංශය පවසන පරිදි දැනට ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් සඳහා සෞදි රියාල් 900ට වඩා වැඩි වැටුපක් හිමිවේ. මෙම ප්‍රමාණය අවම වැටුපක් හරහා තවදුරටත් වැඩි කරගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයේ  අරමුණයි.

 

Last modified on Friday, 15 May 2015 12:12

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us