ගෝඨාගේ තහනම් නියෝගය ගැන ප්‍රශ්නයක් තියෙනවා-රනිල් (audio/photos)

Published in පුවත්
Friday, 15 May 2015 12:44

හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝගය පිළිබදව ප්‍රශ්නයක් අැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ අද (15) අරලියගහ මන්දිරයේ පැවති බෞද්ධ හා හින්දු අාගමික නායකයින්ගේ හමුවට එක්වෙමිනි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම තමාට ලැබුණු බවයි.ය පිටු 600 කින් යුක්ත බවත් මේ වන විට ය තමාගේ නීතිඥවරුන්ට ලබාදී අැති බවත් සදහන්කළේය.

තමාගේ නීතිඥයින් දැනුවත් කළ කරුණු කාරනා අනුව මෙවනි අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාටිකරණ විනිසුරන් 3 ක් සිටිය යුතු බවට ඔවුන් තර්කයක් ඉදිරිපත් කරන බවත් නීතිය අනුව 132(2 ) සහ 126 වගන්තිය හා උපුටා දක්වමින් ඔවුන් මෙම කාරණය අවධාරණයකර දැක්වූ බවත් පැවසුවේය.

යම් තැනැන්තෙක් සහනයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාටිකරණයට මෙවන් පෙත්සමක් යොමු කළ විට එයට අවසරය දීම හෝ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාටිකරණයේ විනිසුරන් දෙදෙනෙක් ප්‍රමාණවත් වුවත් අතුරු තහනම් නියෝගයක් ලබා දීමට විනිසුරන් තිදෙනෙක් අවශ්‍ය බව සිය නීතිඥයින් පැවසූබව සදහන් කළේය. ඒ නිසා මෙම තහනම් නියෝගය ගැන ප්‍රශ්නයක් අැති බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීමද නීතිය අනුව ගැටලු සහගත තත්වයක් බවට නීතිඥයින් තර්ක ඉදිරිපත් කර අැති බවද කීවේය.

මේ තත්වය මත හිටපු අාරක්ෂක ලේකම්වරයා සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණ වලට බාධාවක් සිදුවේද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අධිකරණ නියෝගය නිසා පරීක්ෂණවලට නොව ,අත්අඩංගුවට ගැනීමට බැරි බව වාර්තා වූවද ඉහත වගන්ති යටතේ ක්‍රියාත්මකවී නැත්නම් ඒ තහනම් නියෝගය පොළිසියට බලපානවාද යන්න සොයාබැලිය යුතු බවයි.


මේ පිළිබද නීතිපති සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

ලබන 20 වනදා යාපනයේ දී ප්‍රථමවරට බෞද්ධ මහා සම්මේලනයක් පවත්වන බවත් මෙය 'කරුණා ජාත්‍යන්තර සමුළුව' නම් වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.මේ සදහා දකුණු ඉන්දීය බෞද්ධ සංගම් නියෝජිතයින් 60-70 ක් පැමිණෙන බවත් ද්‍රවිඩ බෞද්ධ නියෝජිතයින් 300ක් පැමිණෙන බවත් සදහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හඩපටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ranil-wikrama-singhe{/soundcloud}

ඡායාරූප- නිශාන්ත ප්‍රියදර්ශන

rani 1

rani 2

rani 3

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us