ශෂීගේ හැදුනුම්පත බොරු එකක්

Published in පුවත්
Friday, 15 May 2015 12:51

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අධිකරණයට දැනුම්දී තිබේ.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.

මෙහිදි විත්තිය පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥවරයා පවසා ඇත්තේ සැකකාරිය ඇප කොන්දේසි කඩ නොකොට මසකට වරක් අධිකරණයේ රෙජිස්ටාර්වරිය වෙත වාර්තා කර ඇති බැවින් ඇයට පනවා ඇති එම නියෝගය ලිහිල් කරන ලෙසය.

ඒ අනූව ඇය මාස 3ට වරක් ‍අධිකරණයේ රෙජිස්ටාර් වෙත ‍වාර්තා කිරීම ප්‍රමාණවත් බව මහේස්‍ත්‍රාත්වරයා දැනුම්දී ඇත.

එසේම ඇය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන නීතිපතිගෙන් උපදෙස් ලබා ගන්නා බවද එහිදී රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.

එම පැමිණිල්ල සැප්තැම්බර් 11 වැනිදා යළි විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us