නව මැතිවරණ ක්‍රමයට සුළු පක්‍ෂත් එකගයි

Published in පුවත්
Friday, 15 May 2015 13:28

නව මැතිවරණ ක්‍රමයට සුළු පක්‍ෂවලද එකගතාව හිමි වී අැත. නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ කැබිනට් අනුකාරක සභාව සහ සුළු පක්‍ෂ නියෝජිතයන් අතර ඊයේ (14)රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකගතාව පළවී අැත.

එම සාකච්ඡාවේදී මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සුළු පක්‍ෂවල නියෝජිතයන්ද සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අදාළ යෝජනාද ඇතුළත් කර සකස් කරන වාර්තාවක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතය. එය ලබන සදුදාට පෙර සකස් කර අවසන් කිරීමට නියමිතය.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කල කැබිනට් අනුකාරක සභාවට එස් බී දිසානායක, පාඨලී චම්පික රණවක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම් යන මහත්වරුන් අයත්වේ.

සබැදි පුවත්

නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් කැබිනට් අනු කමිටුව වැඩ අරඹයි

 

Last modified on Friday, 15 May 2015 13:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us