හය වන දකුණු ආසියානු සමුළුව අදයි

Published in පුවත්
Tuesday, 19 May 2015 10:49

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙහෙය වීමෙන් සංවිධාන කරන හය වන දකුණු ආසියානු සමුළුව අදින් (19) ආරම්භ වේ. ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳව මෙහිදි ප‍්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක් කෙරේ. සමුළුවේ ආරම්භක දේශනය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් සිදු කරයි. කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් රැසක නියෝජිතයින් එක්වේ.

මේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ හය වැනි දකුණු ආසියානු කලාපීය සමුළුව මැයි මස 19 දා සිට 21 දා දක්වා කොළඹදී පැවැත්වෙයි. එය සංවිධානය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසිනි.

සමුළුව විවෘත කිරීමේ අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිතයා වන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතාය.

ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉරානය, මාලදිවයින, සහ පාකිස්ථානය යන රටවල ප‍්‍රධාන අමාත්‍යාංශ, පාර්ලිමේන්තු, අධිකරණය සහ සන්නද්ධ හමුදා නියෝජනය කරමින් නම් කරන ලද 40 දෙනෙකු පමණ මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වනු ඇත. මෙහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විසිනි.

කලාපයේ සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ විශේෂඥයන් මෙහි සම්පත්දායකයන් වන අතර සහභාගිවන්නන් අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳව තම මත හා අදහස් හුවමාරු කරගනිමින් මෙම නීති සමුදාය පිළිගැනීම සහ පිලපැදීම ඉහළ තලයට පත් කිරීම පිණිස එකට එක්වී වැඩකරනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටු දූත මණ්ඩලයේ ප‍්‍රධානි ෂෙරන් පොලනි මහත්මිය පවසන්නේ ගතවූ කාලය තුළ සන්නද්ධ ගැටුම් විකාශයේ ස්වරූපය අනුව ප‍්‍රතිචාර දැක්වීමට අන්තර්ජාතික මානුෂවාදී නීතියට සිදුව ඇති බවයි. (අන්තර්ජාතික මානුෂවාදී නීතිය) මෙම සමුළුවේ තේමාවෙන් පිළිබිඹු වන්නේ මෙම අභියෝග සහ වර්ධනයන් වන අතර ඉන් ඇතැම් කරුණු ගැන මෙම සමුළුවේදී විශේෂ අවධානය යොමු කොට සාකච්ඡ‍ා කරනු ඇත.

අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ ප‍්‍රථම කලාපීය සමුළුව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහ නේපාල රජයේ සම අනුග‍්‍රහයෙන් 2009 වසරේදී පවත්වන ලදී. එතැන් සිට ජාත්‍යන්තර රතු කුරුස කමිටුව තවත් සමුළු හතරක් කලාපයේ ආණ්ඩු සමග එක්ව බංග්ලාදේශය (2010) මාලදිවයින(2011) භූතානය (2012) සහ නේපාලය(2014) යන රටවල පවත්වන ලදී.

1949 ජිනීවා සම්මුති සහ ඒවායේ අතිරේක සන්ධාන යටතේ අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති වරම පදනම් කොට ගෙන ජාත්‍යන්තර රතු කුරුස කමිටුව අන්තර්ජාතික මානුෂවාදී නීතියට ගරු කිරීම ප‍්‍රවර්ධනය කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us