SEC එක නාමල්ට දීපු මිලියන 5 ගැනත් පරීක්ෂණයක් Featured

Published in පුවත්
Thursday, 21 May 2015 12:06

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ මුලිකත්වය දැරූ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ප්‍රධානය කළ මිලියන පහක අරමුදල් ප්‍රමාණයක් පිළිබඳ විමර්ශනයක් අරඹා ඇත.

මේ පිළිබඳව එහි නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ දැනුවත්වීම සඳහා එම මුදල් වැය කළ බවයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා 2013 ඔක්තෝබර් මාසයේදී මාධ්‍යට පවසා තිබුනේ මෙම මුදල් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රටේ මුල්බැස ගැනීම පිණිස වියදම් පියවා ගැනීමට සහ ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු පිළිබඳ දැනුවත්වීමේ කටයුතු සඳහා යෙදවූ බවයි.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ තාරුණ්‍යට හෙටක් සංවිධානය විසින් මේ සම්බන්ධ යෝජනා මාලාව සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ සළකා බලා අරමුදල් සැපයීමට තීරණය කල බවයි. සුරැකුම් විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ කොමිසම් සාමාජිකයන්ගෙන්ද මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us