හමුදා සෙබළියනුත් සූදු ගසයි

Published in පුවත්
Monday, 28 July 2014 15:15

පනාගොඩ මැදමන්ඩිය මාර්ගයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා සැකකරුවන් 07 දෙනෙක් පානදුර දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ(27දා) මධ්‍යම රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර, පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරියක් හා සෙබළියක්ද සිටින බව එම නිලධාරීහු පවසති.

මෙම සූදුපොළ රාත්‍රී 10.30 ට ආරම්භ කර අලුයම දක්වා පවත්වාගෙන යන බවට පානදුර දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

සූදු පොළෙහි තිබී රුපියල් එක්ලක්ෂ තිස් හය දහසක (136,000) මුදලක් සොයා ගැනීමට හැකි වූ බවත්, වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරුවන් අතුරුගිරිය පොලිස් ස්ථානයට භාරදුන් බවද එම නිලධාරීහු පැවසූහ. සැකකරුවන් අද (28දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(අද)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us