මහින්දගේ රත්තරන් ටොන් 310 ගනුදෙනුව ගැන මෛත්‍රීත් නිහඬයි

Published in පුවත්
Friday, 05 June 2015 17:17

එල්ටීටීඊ සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන රජයට බාර දුන් රත්ත්‍රන් ටොන් 350 න් ටොන් 310ක් හොර පාරේ ජපානයට විකිණීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත එල්ල වී ඇති බරපතල චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඬ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම සැකයට තුඩු දෙන්නක් බව මේ සම්බන්ධයෙන් තතු දත් ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණයට පෙර අප ලංකා ඩේලි වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් තොරතුරු ‍රැසක් අණාවරණය කළෙමු. පසුව වත්මන් පාලනය යටතේ මේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු ආරම්බ කළ අතර ඊට සම්බන්ධ කිහිප දෙනෙකුගේද ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

එහෙත් මේ ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුවූ මේ මහා හොරකම ගැන කිසිවක් ප්‍රකාශ නොකිරීමට වත්මන් රජය පරිස්සම් වී ඇත. වැඩකට නැති තුට්‍ටු දෙකේ හොරකම් ගැන මහා පරිමාණයේ විමර්ශන සිදුවන බවට මාධ්‍ය ප්‍රචාරයන් ලබා දෙන මුත් රජයට අයත් දේපලක් රජයන් කොල්ලකා තමන්ගේ ගිණුම් තර කර ගැනීමට ක්‍රියාකළ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු හා ඔවුන්ගෙ හිතවතුන් කිහිප දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරකළ හැකි මේ සහගහන ජාතික අපරාධය සම්බන්ධයෙන් තවමත් නිහඬ ව සිටීමේ අරමුණ කුමක්ද යන්න ආණ්ඩුව හෙළි දරව් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානින් ගනනාවකින් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා කිහිපයකදිම අප විසින් විමසන ලද නමුත් කිසිවකුත් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත.

පසුගියදා මෙම ගනුදෙනුවට අදාල පාර්ශ්වයක් විසින් ජනාධිපත් සිරිසේන මහතාට මේ අවනඩුව ලිඛිතව යොමු කරනු ලැබූ මුත් මේ දක්වා ජනාධිපතිවරයා නිසි ප්‍රතිචාරයක් දක්වා නැති බවද ලංකා ඩේලි වෙත වාර්තාවේ.

මෙම රත්තරන් තොගයෙන් ආසන්න වශයෙන් ටොන් 39.66 ක් ජපන් රජයට විකුණා දැමු බව එවකට ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ජේෂ්ඨ අමාත්‍යව සිටි සරත් අමුණුගම මහතා (2012 ජුනි)පාර්ලිමේන්තුව හමුවේ පිළිගෙන තිබිණි. එහෙත් ඉතිරි ටොන් 310 ගැන කිසිදු සඳහනක් නොවීය. හමුදාව විසි මෙම රත්තරන් තොගය රජයට බාර දීමෙන් පසුව ඊට අදාලව හමුදාව සතුව තිබූ ලියකියවිලි සියල්ල රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙකුගේ නියෝගය අනුව පුළුස්සා විනාශකර දැමා ඇති බවද අප විසින් පසුගියදා වාර්තා කළෙමු.

ජපන් රජය වෙනුවෙන් මෙම ගනුදෙනුව සිදු කළේ ජපානයේ ජපුඩා හොල්ඩින් හා ක්‍රෙඩිට් ස්විස් යන සමාගම් දෙකය. රත්තරන් (සියයට 999.5 පිරිසිදු රත්තරන් බාර්) කිලෝ එකක් අමරිකානු ඩොලර් 46,000 ගනනේ ජපානය මිළ දී ගත් අතර අදාල ගිවිසුම අනුව ඉන් ඩොලර් 2,000ක් අතරමැදී ත‍රැව්කරුවන්ට ලැබිය යුතුව තිබු නමුත් එම මුදලද රාජපක්ෂවරු විසින් කොල්ල කෑමට කටයුතු කර තිබිණි. රාජපක්ෂවරුන්ට හිතවත් තිදෙනෙකුට පමණක් එම කොමිස් මුදල් ලබා දී තිබේ. ජපන් සමාගම් ඇතුළුව මෙම ගනුදෙනුවේ අතර මැදියන් 9 දෙනෙකි.

මේ පහත දැක්වෙන්නේ නිලවශයෙන් විකිණූ රත්තරන් ටොන් 40ට අදාලව, ගිවිසුම් ප්‍රකාරව ඒ ඒ අතර මැදියන්ට ලැබිය යුතු කොමිස් මුදල් ප්‍රමාණය හා ඔවුන්ගේ බැංකු ගිනුම් විස්තරයයි.ඉතිරි ටොන් 310 ට ලැබිය යුතු කොමිස් ප්‍රමාණය තවත් අට ගුණයකින් පමණ ඉහළ අගයක් ගනී.

au-deal-accunts

සැබැඳි පුවත් :

එල්ටීටීඊ රත්තරන් තොගය ගැන ලියකියවිලි පුළුස්සලා ! 

ආණ්ඩුවේ දූෂණ චෝදනා මාධ්‍ය සංදර්ශන පමණයි

එල්ටීටීඊ - රාජපක්ෂ ගනුදෙනු ගැන හෙළිදරව්වක්

ටොන් 310 රත්තරන් ගනුදෙනුවට මහින්ද කො‍ටු වෙයි !

එල්ටීටීඊ - රාජපක්ෂ රත්තරන් ගණුදෙනුවේ සියළු විස්තර එළියට !

එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.! 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us