පොලිසියේ ලොකු පුටු 06ක් මාරුවෙයි

Published in පුවත්
Saturday, 06 June 2015 10:55

පොලිස් ස්ථානාධිපතිවරුන් 06 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සේවයේ අවශ්‍යතාව මත පොලිස්පතිවරයා විසින් ඊයේ(05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

තිස්සමහරාම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එච්.ජනක කුමාර මහතා බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මාරුකර යවා තිබේ.

මොරවැව පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ධම්මික මහතා තිස්සමහරාම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා ඇති අතර බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව භාරව කටයුතු කළ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඒ.ඩී.එස්.අතරගම මහතා මොරවැව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා ඇති බව සඳහන්ය.


කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. සුනිල් මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භාර ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා ඇති අතර ලුණුගම්වෙහෙර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. අයි. ගමගේ මහතා කොස්ගම පොලිස් ස්ථානය වෙත මාරු කර යවා තිබේ.

බණ්ඩාරවෙල කොට්ඨාශයේ කටයුතු කළ පොලිස් පරීක්ෂක එච්. පී. දිසානායක මහතා ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us