FCID අවලංගු කරන්න - අභියාචනාධිකරණයට පෙත්සමක්‌

Published in පුවත්
Saturday, 06 June 2015 12:43

පොලිස්‌පති විසින් 2015-02-13 දින පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කොට එමගින් මෙතෙක්‌ කළ විමර්ශන හා අත්අඩංගුවට ගැනීම් ඇතුළු සියලු කාර්යයන් බලරහිත කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝෆොන්සේකා මහතා යන දෙදෙනා එක්‌ව ඊයේ (05 වැනිදා) අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌ ගොනු කළහ.

පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරන තුරු එකී පොලිස්‌ ඒකකයේ කටයුතු අත්හිටවිය යුතු බවට පොලිස්‌පතිට සහ එම පොලිස්‌ ඒකකයේ නිලධාරීන්ට අතුරු තහනමක්‌ පනවන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් දෙදෙනාම කියා සිටින්නේ ජනතාවගේ යහපත පිණිස පෙත්සම ගොනු කළ බවයි. සෑහෙන කාලයක සිට සමාජ සුබසාධනය වෙනුවෙන් විශේෂයෙන්ම දුප්පත් ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට කැපවී කටයුතු කරන තමන්ට ජනතාව වෙනුවෙන් මෙම ප්‍රශ්නයට මැදිහත්වීමට අයිතියක්‌ ඇති බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය පිහිටුවීමට නියෝග කරමින් පොලිස්‌පති නිකුත් කළ ගැසට්‌ නිවේදනයේ සඳහන් වන අන්දමට එම ඒකකය මගින් සිදුකරනු ලබන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාකරන ඇමැති අනුකමිටුවට යොමුකරන විශේෂ පැමිණිලි විමර්ශනය කිරීමය. පොලිස්‌පතිට පොලිස්‌ ආඥපනතේ 55 වෙනි වගන්තිය යටතේ වෙනම අංශයක්‌ පිහිටුවීමට බලයක්‌ නැති බවත් ඔහුට කළ හැක්‌කේ පොලිසියේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට අදාළව නියෝග නිකුත් කිරීමට පමණක්‌ බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්නා දී ඇත.

ඒ නිසා නීති විරෝධී අංශයක්‌ වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය රිට්‌ ආඥවක්‌ මගින් අවලංගු කරන ලෙස පෙත්සම්කරුවෝ ඉන් ඉල්ලා සිටිති.

නීතිඥ ලක්‌සිරි ද සිල්වා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

(divaina)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us