මෛත්‍රී විදුලි පුටුවට යන්න සැරසෙයි

Published in පුවත්
Saturday, 06 June 2015 12:53

මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේ වසරේ සැප්තැම්බර් මාසයේ ජිනීවාහි පැවැත්වීමට නියමිත එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා සහබාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව එකසත් ජාතීන්ගේ මහලේකම්වාරයට දැනුම් දී ඇතැයි රජයේ වෙබ් අඩවිය සඳහන් කර තිබේ. 

 
මෙම සැසිවාරය මෛත්‍රීපාල රජයට ඉතා වැදගත් වන්නේ රජය මෙම සැසිවාරයෙන් පසු යුධ අපරාධ චෝදනා විභාග කිරීම සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව සිටින නිසයි. ජනවාරි මාසයේ සිරිසේන ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ඇමරිකාව ඇතුළු මිත්‍ර පාක්ෂික රටවල් ලංකාවේ යුධ අපරාධ සම්බන්ධ වර්තාව ඉදිරිපත් කිරීම සැප්තැම්බර් මාසය දක්වා කල් දමා  තිබුණි.
 
 එහිදී ඔවුන් කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර තිබුනේ යුධ අපරාධ සම්බන්ධයෙන් ලංකාව තුලත් විශ්වසනීය පරීක්ෂණයක් සැප්තැම්බර් මාසයේ ඇරඹිය යුතුය  යන්නයි. 
 
කෙසේවතත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා මානව හිමිකම් සමුළුව සඳහා සහභාගී වීමට තීරණය කිරීමෙන් පෙනී  යන්නේ ඔහු යුධ අපරාධ පරීක්ෂණයක්  ඇරඹීමට සුදානම් බවයි. නමුත් එවැනි වැඩපිළිවෙලක් පිළිබඳ කිසිදු සුදානමක් දකින්නට නොමැත. 
 
මීට පෙර 2014 වසරේ මහින්ද රාජපක්ෂ යුගයේ අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ මැක්ස්වෙල් පරණගම කමිටුව සිය මූලික වාර්තාව ඉදිරිපත් කර අවසන් කර තිබේ.  

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us