ජවිපෙ අලුත් ප්‍රතිපත්ති හොයයි

Published in පුවත්
Sunday, 07 June 2015 08:41

ජනතා විමුක්ති පෙරමුණ අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් එළිදැක්වීම සඳහා මේ වනවිට ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළකර විවිධ ජන කණ්ඩායම්වල උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ යෝජනා ලබාගනිමින් සිටින බවත් එම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉතා ඉක්මනින් අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කරන බවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

‘මේ වනවිට පක්‍ෂයේ ආසන බලමණ්ඩල, දිස්ති‍්‍රක් බලමණ්ඩල සංවිධානය කරමින් යනවා. 1948 සිට අවුරුදු 67ක් එක්සත් ජාතික පක්‍ෂයත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. දැන් මාස 5ක කාලයක් හවුලේ රට පාලනය කරමින් ඉන්නවා. එම පක්ෂ දෙක තට්ටුමාරු ක‍්‍රමයටත් හවුලෙත් රට පාලනය කරලා අසාර්ථකවෙලා තිබෙනවා. එනිසා ජනතාවට අලූත් මගක් ඕනෑ. අලූත් වැඩපිළිවෙළක් වෙනුවෙන් ජනතාවට තිබෙන එකම දේශපාලන පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ විතරයි.‘ යැයි ඔහු පෙන්වා දුන්නේය.

‘ජනවාරි 08වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූවේ නැති නිසා තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ඔවුන්ටයි. මේ ආණ්ඩුවේ ජනාධිපති ශී‍්‍රලනිපයේ සභාපතියි. මේ ආණ්ඩුවේ අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකයායි. එනිසා මේ ආණ්ඩුවට තිබෙන්නේ දෙබිඩි මූණක්. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙත් ඉන්න ගමන් විපක්‍ෂනායක ධූරයෙත් වැඩ කරනවා. එහෙම ඉද්දී ජනතා බලාපොරොත්තු කඩ කරනවා. වැඩක් කෙරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් බල්ටි ගහනවා. විසිල් ගහනවා. ජනතාව මේ දිහා බලා සිටිය යුතුද?‘ යැයිද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us