මැතිවරණයට දෙගොල්ලොම බයයි - කථානායක

Published in පුවත්
Thursday, 11 June 2015 07:35

මට පෙනෙන්නේ දෙගොල්ලෝම මහ මැතිවරණයක් පවත්වනවාට බිය බව යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කීය.

මහ මැතිවරණයකට බියක් නැතැයි රජය හා විපක්ෂය කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් කථානායක රාජපක්ෂ මහතා එසේ කීය. හැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙසට වරප්‍රසාද ප්‍රශ්නයක් පිළිබඳ කරුණු දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ විට තමන් මහ මැතිවරණයකට බිය නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

විසි වන ව්‍යවස්ථා සංශෝධනය ගේන‍්නේ නැතිව ද විසුරුවා හරින්නේ කියා මෙහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවෙන් විමසූ විට විසුරුවා හරින්නැයි විපක්ෂය ඉල්ලා සිටියේය. විස්ස අවශ්‍ය බව සභානායක වරයා අවධාරණය කළ විට දෙගොල්ලෝම මහමැතිවරණයකට බය බව තමාට පෙනෙන්නේ යැයි කථානායක රාජපක්ෂ මහතා කීය.

කෙසේ නමුත් දින සියය අවසානයේ ප්‍රථමයෙන් ආණ්ඩුව විසුරුවා හරිය යුතු බව කිවේ එක්සත් ජාතික පක්ෂයය. ඊට ප්‍රතිචාර ලෙස 20 වම සංශෝධනය සම්මත කිරීමෙන් තොරව ආණ්ඩුව විසිරුවා හැරීමට ඉඩ නොදෙන බව එජනිස පැවැසීය මේ වන විට 20 වන සංශෝධය වෙනුවෙන් එජාපය පෙනී සිටින අතර ඒ සම්මත කිරීමෙන් තොරව වුව ආණ්ඩුව විසුරුවා හැරීමට එජනිස සූදානම්ය.

Last modified on Thursday, 11 June 2015 07:41

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us