මහ මැතිවරණයෙන් පසුව සුළුතරයෙන් කරන දේ බහුතරයෙන් කරන්න පුළුවන්-රවී(photos)

Published in පුවත්
Monday, 15 June 2015 15:10

පැවැති පාලනයට වසර 12ක් තිස්සේ ඉටු කිරීමට නොහැකි වූ දෙය යහපාලන ආණ්ඩුව පත්වී කෙටි කලකින් ඉටු කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. සුළුතර බලයකින් ඉටු කරමින් සිටින ජනතා මෙහෙවර ඉදිරි මැතිවරණයෙන් පසු බහුතර බලයක් සහිතව ඉටු කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සී.වයි.පී රාම් සහ කොළඹ නාගරික මන්ත්‍රී ජෝන් රාම් යන මහත්වරුන්ගේ සංවිධාන කළ වියලි ආහාර බෙදාදීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා

'එක්සත් ජාතික පක්ෂය කියන්නේ කියන දේ කරන කරන දේ කියන පක්ෂයක්. රාජපක්ෂලා වගේ කථාව විතරක් තියන පිරිසක් නෙමේ මේ පක්ෂය ඉන්නෙ. ජනවාරි 08 වෙනදාට පෙර අපි පොරොන්දුවක් දුන්නා අපිට බලය දුන්නොත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට එක්ව ජිවත් වෙන්න පුලුවන් සාමාජයක් නිර්මාණය කරල දෙනවා කියල. අද ඔබේ මුණ බලපුවාම ඒ මුණවල තියන සිනහව දැක්කහම අපට කියන්න පුළුවන් එය යථාර්ථයක් බවට පරිවර්තනය වෙලා තියනවා කියල.

හිටපු ජනාධිපතිවරයා අවුරුදු 12ක් මේ රට පාලනය කළා. නිකන් නෙමෙයි 3/2 ක බලයකුත් එක්ක. කල්පනා කරල බලන්න ඔවුන් මොනවද ක කළේ කියල. ඔබේ ඉඩම් ටික පවර ගත්තා. ගෙවල් ටික බලහත්කාරයෙන් ගත්තා. මේවට විරුද්ධව කවුරුත් කථා කළේ නැහැ. නමුත් යහපාලනය තුලින් අපි ඒ සියලු දේවල් ආරක්ෂා කරලා දුන්නා. අපි කියලා තියෙනවා ගෙවල් කඩන එක වහාම නවත්තන්න කියලා. ඒ ගෙවල් කඩන්න ඕන ඔවුන් වෙනුවෙන් ගෙවල් හදලා ජිවත් වෙන්න පුලුවන් පරිසරයක් නිර්මාණය කරාට පස්සෙයි. රටට අවශ්‍ය කරන්නේ සංවර්ධනයක් ඒක ජනතාව අපහසුතාවයට පත් නොවි මානුසිය ආකාරයකින් එය ඇති කිරිම තමයි අපේ බලාපොරොත්තුව. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සංවර්ධනයට ඇප කැප වු පක්ෂයක්. ඒ නිසා ජනතාව හදල ඉවර වෙලා අපි රට හදන්න සුදානම් කියලා මේ මොහොතේ අපි කයන්න කැමැතියි.

මහින්ද රාජපක්ෂ අද දේශපාලන වේදිකාවට එන්නේ නැහැ. පන්සලෙන් පන්සලට තමයි යන්නේ. ඌට කියන්න අවශ්‍ය දේ පන්සලෙන් තමයි කියන්නේ. මාතරදි වේදිකාව ගාවට එනවා එත් වේදිකාවට නගින් නෙ නැහැ. ඇත්තටම අද ජනතාව ජිවයත් වන සතුටුදායක තත්ත්වය පිළිබද ඊර්ෂ්‍යාවෙන් තමයි ඔවුන් කටයුතු කරන්නේ .එදා ඔවුන්ගේ සාක්කුවට ගිය සල්ලි අද යන්නේ ජනතවාගේ සාක්කුවට.

අවුරුදු 12 ක් පඩි වැඩිකරන්න හැදුවා ඒත් කළේ නැහැ. අපි දින 29 කින් ඒක කලා. මීට අමතරව ඉන්ධන සීනි කිරි මේ සියලු දේවල් වල මිල පහළ දැම්මා. මහින්ද රාජපක්ෂට ඇයි ඒක කරන්න බැරි උනේ. හැකියාව තිබුණා නමුත් කළේ නැහැ. මේක තමයි තියන වෙනස.
අපි මේ සියල්ල කලේ බහුතරයක් නොමැතිව. තව ටික දිනකින් මැතිවරණයක් ප්‍රකාශයට පත්වේ. ඒ අවස්ථාවේදි සුළුතරයකින් අපි කරපු මේ වැඩ පිළිවෙළ බහුතරයකින් ඉදිරියට රැගෙන යන්න ශක්තිය ලැබෙනව කියලයි අපි විශ්වාස කරන්නෙ. '

7N7A2188

7N7A2193

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us