ෆොන්සේකාට සහනයක් ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප වේ.

Published in පුවත්
Monday, 15 June 2015 15:35

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධූරය යළි ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලබා දී ඇති නිසා අහිමි වූ මන්ත්‍රී ධූරය යළි හිමි විය යුතු බව අදාළ පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධූරය යළි ලබාදීම සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයාට නියෝග කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා ඇත.

කෙසේ වෙතත් එම පෙත්සමට මූලික විරෝධතාවක් මතුකරමින් නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ එවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් සේනක ද සිල්වාට කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.

පෙත්සම තුළ අන්තර්ගත කරුණු වලද කිසිදු නීතිමය පදනමක් නොමැති බව පැවසූ නීතිපතිවරයා එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව එම ඉල්ලීම පිළිගනිමින් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර ඇත.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us