මිලේනියම් සිටි පාවාදීමට වගකිව යුත්තා අධිකරණයට

Published in පුවත්
Tuesday, 16 June 2015 06:58

මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආරක්ෂක නිවාස, හමුදා නිලධාරීන්, ඔවුන්ගේ මෙහෙයුම් හා එම මෙහෙයුම සඳහා භාවිත කළ යුද උපකරණ පිළිබඳ නිල රහස් හෙළි කිරීම ඇතුළු අධි චෝනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති කුලසිරි උඩුගම්පළ මහතා ඊයේ (15) ප්‍රථමවරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත ඊයේ (15) එසේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර කුලසිරි උඩුගම්පළ මහතා මහනුවර මහාධිකරණය මඟින් නියම කළ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය. විත්තිකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ පවරා තිබූ මේ නඩුව නීතිපතිවරයා සතු ස්විෂේෂී බලතල මත කොළඹ මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසු විත්තිකරුට කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට එසේ නොතීසි නිකුත් කර තිබුණි.

විත්තිකරුට එරෙහි නඩුව විභාගයට ගැනීම සඳහා නඩුවේ 1 සිට 5 දක්වා හා 10, 11, 69, 71 හා 73 යන සාක්කිකරුවන්හට සිතාසි නිකුත් කරන ලෙස මෙම නඩුව ඊයේ (15) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශහිල් කුලරත්න මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව එම සාක්කිකරුවන්හට සිතාසි නිකුත් කිරීමට නි‍යෝග කළ නීතිඥවරිය නඩුව නැවත කැඳවීම ලබන මස 13 වැනිදාට කල් තබන ලදී.

2002 /01/02 හා 2002/9/01 අතර කාලයේ දී අතුරුගිරියේ දී, කොළඹ දී, මහනුවර දී හා කටුගස්තොට දී ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව රැක ගැනීමේ කාර්යේ යෙදී සිටි යුද හමුදා නිලධාරීන් සඳහා වූ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආරක්ෂක නිවාස, හමුදා නිලධාරීන්, ඔවුන්ගේ මෙහෙයුම් හා එම මෙහෙයුම් සඳහා භාවිතා කළ යුද උපකරණ පිළිබඳවත් නිල රහස් ලබා ගැනීමෙන් එම ආරක්ෂක නිවාස වැටලීම, රාජකාරි ලිපි ගොනු භාරයට ගැනීම ඇතුළු අධි චෝදනා මත විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත.

එසේ තම භාරයට ගත් දේ සාලයට ගෙනවිත් ප්‍රදර්ශනය කිරීමට නියෝග කිරීම, ඒවා පිළිබඳ ලේඛන සකසන ලෙස මේජර් ක්ලිෆර් සොයිසාට උපදෙස් දුන් බවට හා භාරයට ගත් දේ කුරුදුවත්ත පොලිසියට රැගෙන විත් ප්‍රදර්ශනය කිරීම ඡායාරූප ගැනීම හා වීඩියෝ කළ බවටද විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් අධි චෝදනා නගා ඇත. තවද අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන් 2002/01/03 සිට 2002/01/13 යන කාලය තුළ ඔවුන් සිර කර තබාගත් බවටද නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව අධි චෝදනා නගා ඇත.

dinamina

Last modified on Tuesday, 16 June 2015 07:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us