පරිගණක හැක්කර බැංකුවලින් මිලියන් දහස් ගනනක සල්ලි ඇදලා ! කොල්ලකරුවන් මලයාසියාවේ

Published in පුවත්
Friday, 26 June 2015 09:34

ලංකා බැංකුවේ හා තවත් පෞද්ගලික බැංකු දෙකක ගිණුම් හිමියන් කිහිප දෙනෙකුගේ ගිණුම් වලින් රුපියල් මිලියන දහස් ගනනක් වෙනත් ගිණුම්වලට මාරුකරමින් පරිගක හරහා සිදු කළ දැවැන්ත බැංකු කොල්ලයක තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

මේ අනුව ලංකා බැංකුවේ එක ගිණුම් හිමියකුගේ ගිණුමෙන් පමණක් මාස 6ක කාලයක් තුල මිලියන 400ක පමණ මුදලක් බැංකු නිළධාරීන් නොමඟ යවා වංචාසහගත ලෙස මලයාසියාවේ ගිණුමකට මාරු කර ගෙන ඇත. එසේම අනෙක් පෞද්ගලික බැංකු දෙකෙහිද මෙලෙස මිලියන් ගනනින් මුදල් මලයාසියාවේ බැංකු ගිණුමකට මාරු කර ගැනීමටට මෙම කොල්ලකරුවන් සමත්ව තිබේ.

බැංකුවල පවතින දුර්වල මූල්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් හේතුවෙන් මෙම මූල්‍ය වංචාවා සිදුව තිබේ. පරිගණක හරහා ගිණුම් හැසිරවීමේ නව ක්‍රමවේදයන් ගිණුම් හිමියට පහසුවක් සලසන්නක් වූවද බැංකුවේ පරිගණක වලට හොර රහසේ ඇතුළු වී( හැක් කර) එම ගිණුම් තොරතුරු ලබා ගෙන එම ගිනුම් හිමියන් ලෙස පෙනී සිටිමින් මෙම මූල්‍ය වංචාව කිරීමට එම අපරාධකරුවන් සමත්ව තිබේ.

කෙසේ නමුත් මෙම වංචාවන් සිදු කළ ආකාරය ගැන අගමුල සොයා ගැනීමට පොලීසිය සමත් වූවද මෙම කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීම හෝ ඒ පිළිබඳ මලයාසියාවට ගොස් තවදුරටත් පරීක්ෂන පැවැත්වීමට අදාල පහසුකම් හා නීතිමය හැකියාවක් නොමැතිවීම නිසා පොලීසියත් අගතියට පත් පාර්ශවයනුත් බරපතල ගැටලුවකට පත්ව සිටින බවද වාර්තාවේ.

Last modified on Friday, 26 June 2015 09:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us