මහින්දගේ හුරතලාගේ බිලියන් ගණනක ගැහිල්ලක් හෙළිවේ

Published in පුවත්
Wednesday, 01 July 2015 13:29
කොල්ලුපිටිය සහ හම්බන්තොට ඉදිකිරීමට නියමිතව තිබූ යැට්(Hyatt) හෝටල් ඉදිකිරීමේදී සිදු වූ වංචා දුෂණ සෙවීමට පත් කළ අධිකරණ විගණන වාර්තා අනුව මේවනවිට එය ඉදිකිරීමට වැය වෙතැයි ගණන් බලා තිබූ මුදල මෙන් දෙගුණයකට වඩා මුදලක් වියදම්ව ඇති බව හෙළිව තිබේ. ඇස්තමේන්තු  කර තිබූ  මුදල රුපියල් බිලියන 13 ක් වුවත් එය රුපියල්  බිලියන 27 දක්වා වැඩිවීම හේතුවෙන්  කැන්විල් සමාගමට  රුපියල්  බිලියන 9ක මුදල් හිඟ කමක් පවතින බව  සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ අනාවරණය කර තිබුණි.
 
 කැන්විල් හෝල්ඩින් සමාගම  මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරන ලද රජයට අයත් සමාගමකි. ප්‍රධාන කොටස් කරුවා ලෙස  ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ බිලියන 8.5ක දායකත්වයක් දක්වා ඇති අතර  සහ ලිට්රෝ ගෑස් සමාගම  සහ සේවක අර්ථ සාධක අරමුදල  පිළිවෙලින් බිලියන 5 බැගින් මුදල් ආයෝජනය කරමින් මෙම සමාගම අරඹා තිබේ. සමාගමේ කොටස් වලින් සියයට 46ක් රක්ෂණ සමාගමටත් ඉතුරු කොටස් සමසමව ලිට්රෝ සමාගමට සහ අර්ථ සාධක අරමුදල අතරත් බෙදී ගොස් ඇත. 
 
ඉන්පසු මෙම මුදල් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීමට සිනොලංකා හෝටල් සමාගමටත් හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීමට හෙලන්කෝ සමාගමටත්  ආයෝජනය කර ඇත. කොල්ලුපිටියේ ඉදිකෙරෙන හෝටලය ඉදිකිරීමේදී විශාල නාස්තියක් මෙන්ම ඉඩම් ලබාගැනීමේදී වංචා රැසක් සිදුව ඇති බව පැවසේ. රජයේ අගයුම්කරු ලබාදුන් වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවමින් ඉඩම් ලබාගෙන ඇති බව රක්ෂණ සමාගමේ නව සභාපති හේමක අමරසූරිය පවසයි. 
 
මීට කැන්විල් සමාගමේ  සභාපතිවරයා  ලෙස ගාමිණී සෙනරත් සහ පරිපාලන අධ්‍යක්ෂවරයා ලෙස පියදාස කුඩාබාලගේ කටයුතු කර ඇත. තීරණාත්මක තීන්දු තීරණ ගැනීමේදී පරිපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමකින් තොරව ඊමේල් හරහා තීරණ ගෙන ඇති බව හේමක අමරසුරිය මහතා පවසයි. 
 
 ගාමිනි සෙනරත් යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙසත් මූල්‍යමය වශයෙන් වැදගත් අති විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක ප්‍රධානියා ලෙසත් කටයුතු කළ පුද්ගලයාය. ඔහුට එරෙහිව දූෂණ අක්‍රමිකතා චෝදනා ‍රැසක් එල්ල වී තිබේ.
 
විගණන වාර්තා අනුව කිසිඳු ගිවිසුමකින් තොරව ලබාදුන් මිලියන 10ක මුදලක්, යකඩ මිලදී ගැනීමේදී මිලියන 16ක අලාභයක්, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව ලබාදුන් උපකරණ සවිකිරීමේ ගාස්තු ලෙස සඳහන් මිලියන 80ක මුදලක්, ජනාධිපතිවරණ දිනයට පෙර දිනයේ අත්සන් තබන ලද ඇමරිකානු ඩොලර් මිලියන 37ක ටෙන්ඩර් ගණුදෙනුවක්, එයට අත්සන් තැබීමේ උත්සවය සඳහා වියදම් කළ රුපියල් මිලියන 12.8ක මුදල් වියදම් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ.
 
එසේම මුල්ගල තැබීමටත් ප්‍රථම රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් මිලියන 300ක් වියදම් කර ඇති බව හෙළිව තිබේ. 
 
මේ අනුව අරමුදලේ ඇති සියලු මුදල් යොදවා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලය නිම කිරීමටත් හම්බන්තොට ඉදිකිරීමට නියමිතව තිබූ හෝටලය අවලංගු කිරීමටත් නව පරිපාලනය තීරණය කොට තිබේ. එසේම බොහෝ ව්‍යපෘති ලබාදී ඇත්තේ නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුකූලව නොවන බවට විගණන වාර්තා පෙන්වා දෙයි. ඉදිකිරීම් කටයුතු පිළිබඳ උපදෙස් ලබාගැනීමේදී ද අධික මුදලක නිකරුනේ වියදම් කර ඇති බව හෙළිව තිබේ. 
 
මේ සම්බන්ධ  විගණන වාර්තාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය වෙත ලබාදීමට නියමිතයි. ගිවිසුමට අනුව මෙම හෝටල් දෙක 2014 වසරේ ආරම්භ ඉරීමට නියමිතව තිබුණත් මෙම තත්ත්වය හේතුවෙන් එය 2017 දක්වා කල් යන බව වාර්තා වේ. 
Last modified on Wednesday, 01 July 2015 13:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us