සිල් නොගත් දරුවන්ට, විදුහල්පති වැසිකිලි හොදන්න කියලා !

Published in පුවත්
Wednesday, 01 July 2015 13:35

පොසොන් පොහොය වෙනුවෙන් පැවති ශිල ව්‍යාපාරයට සහභාගි නොවූ දරුවන්ට දඩුවමක් වශයෙන් පාසලේ වැසිකිලි සේදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ගිය ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ විමර්ශන නිළධාරියාට විදුහල්පති සිඞ්නි අශෝක ලොකුකුමාර මහතා විසින් බැන තර්ජනය කර ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ තොරතුරු අනාවරණය කරයි.

එ් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ උසස් නිලදාරියෙක් සදහන් කළේය.

මෙම පාසල පිහිටා ඇත්තේ වනාතමුල්ල ග්‍රාමයේය. මේ වනාතමුල්ල බව අමතක කරන්න එපා යැයිද විදුහල්පතිවරයා විමර්ශන නිළදාරියාට තර්ජනාත්මක අනතුරු ඇගවීමක්ද කර ඇත.

මෙම පාසලේ දෙක තුන වසරවල ඉගෙනුම ලබමින් කුඩා දරුවන් යොදාද වැසිකිලි සෝදන බවත් රුපියල් 20 ක මිල නියම කල වෙසක් කාඞ්පත් 20 බැගින් සිසුන්ට ලබාදෙමින් ඊට අදාල මුදල් නොගෙන පාසලට නොඑන ලෙසට නියෝගකර ඇති බවත් සදහන්ය.

මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් සහ අපචාර ක්‍රියා සම්බන්ධයෙන් කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජයන්ත නානායක්කාර සහ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් දයා සෙනෙරත් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන අතර අපචාර සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ බොරැල්ල පොලිසිය ද වෙනම පරීක්‍ෂණ ක්‍රියාත්මකය.

■තොරතුරු තවදුරටත් සනාත කර ගන්න - ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනි නීතීඥ නටාෂා හෝ නියෝජ්‍ය සභාපති නීතීඥ සජීව සමරනායක යන අය 011-2778912 දුරකථන අංකයෙන් අමතා ලබා ගැනීමට හැකිය.
■කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යාපන ජයන්ත නානායක්කාර 011- 2447143 හෝ 0718191153

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us