හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාරගෙන් ප්‍රශ්න කෙරේ

Published in පුවත්
Friday, 03 July 2015 09:53

මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයක මුදලක්‌ ලබාගෙන එ් මුදල් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නගෙන් අද ප්‍රශ්න කිරීමට නියමිතය.

ඒ අනුව ඔහුව අද (3) ජනාධිපති පරීක්‍ෂණ කොමිසම වෙත කැඳවා ඇත.

මෙම මුදල් ලබාදී ඇත්තේ ධීවර වරාය නීතිගත සංස්‌ථාව හරහා බව පරීක්‍ෂණවලින් හෙළිදරව් වී අැත.

මීගමුව කලපුව සංවර්ධන සමාරම්භක උත්සවය තිබී ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදාය. එම උත්සවය වෙනුවෙන් ධීවර වරාය නීතිගත සංස්‌ථාව රුපියල් එක්‌කෝටි තිස්‌දෙලක්‍ෂයක මුදලක්‌ වෙන්කර තිබිණි.

උත්සවය වෙනුවෙන් ඉදිකර සමරු ඵලකය සඳහා රුපියල් දහඅට ලක්‍ෂයක මුදලක්‌ වැයවූ බව දැක්වූවද ඒ සඳහා සැබැවින්ම වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 4 කට අඩු මුදලක් බව හෙළිවී අැත. ඊට අමතරව මෙම උත්සවයේ තවත් අංග සහ විවිධ භාණ්‌ඩ මිලදී ගැනීම් වෙනුවෙන්ද රුපියල් කෝටියකට වැඩි මුදලක්‌ වැය කළ බව ගිණුම් ගතකර තිබී ඇත.

එහෙත් මෙම මුදල වැයකර එබදු උත්සවයක්‌ පැවැත්වීමට ධීවර වරාය නීතිගත සංස්‌ථාව කටයුතු කර නැත.

ධීවර වරාය නීතිගත සංස්‌ථාවේ හිටපු සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුගෙන් ජනාධිපති පරීක්‍ෂණ කොමිසම මේ වන විටත් ප්‍රශ්න කර ඇත.

මෙම මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‍ෂණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිල්ලක්‌ අනුව විමර්ශන පවත්වාගෙන යයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us