තැපැල් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කෙරේ

Published in පුවත්
Friday, 03 July 2015 10:36

ඉදිරි මහමැතිවරණයට අදාළව 2014 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද(03) සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකදී කාර්යාල වේලාවන් තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන, කම්කරු සහ ධීවර අමාත්‍යංශ වලත් නාගරික සංවර්ධන අධිකාරිය, තැපැල් මූලස්ථානය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන වලත් නාමලේඛන ප්‍රදර්ශනයට තැබෙන අතර ග්‍රාම නිලධාරී කාර්යාල වලද අදාළ ලේඛන ප්‍රදර්ශනයට තබන බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කළේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සහ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

තැපැල් ඡන්ද පහසුකම ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අයදුම්පත් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරන ස්ථාන වලින් නොමිලයේ ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ලබන 14 වනදා අවසන් වන බැවින් අදාළ කාලය තුළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us