මහින්ද මෙච්චරටම නිවට ද? කෝ අර ලක්ෂ 58 ට ? Featured

Published in පුවත්
Saturday, 04 July 2015 11:03

තමන්ට ලක්ෂ 58 ක ඡන්ද තිබෙන බවත් එම නිසා මෙවර මහ මැතිවරණයට තනිව තරග කර ආණ්ඩුවක් පිහි‍ටුවා අගමැති ධුරය ලබා ගන්නා බවට වහසි බස් දෙඩූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙපතුල ඇද වැටී නාමයෝජනා ඉල්ලීමට තම තරම් නිවට වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

'මහින්ද සමඟ නැගිටිමු"නමින් රට පුරා ‍රැළි මාලාවක් සිදු කරමින් මහින්දවාදීන් දිගින් දිගටම පැවසූවේ තමන්ට වෙනම තරග කර ආණ්ඩුවක් පිහි‍ටු විය හැකි බවය. රාජපක්ෂ මහතාව අගමැති බවට පත් කරන බවය.

එහෙත් අවසානයේ සිරිසේන මහතා ළඟ ඇද වැටී අඩුම තරමින් තමන්ට එජනිසෙන් නාම යෝජනා හෝ ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට රාජපක්ෂ මහතාට සිදුවිය. ඔහුට අගමැති අපේක්ෂක ධුරය නොලැබිණි. සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීමේ වගකීමවත් නොලැබිණි. නිකම්ම නිකම් අපෙක්ෂකයකු ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව පමණක් හිමි විය.

ඒ කෙසේ වෙතත් පක්ෂයකින් නාම යෝජනා ලබා ගැනීම සඳහා මෙරට ඉතිහාසයේ වැඩිය වියදමක් මහන්සියක් සටනක් කළ පුද්ගලයා බවට මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වී තිබේ.

ඒ පක්ෂය තමන් සාමාජිකත්වය දරන එයින්ම ජනාධිපතිධුරයටද පත් කළ පක්ෂය වීම එහි ඇති මහින්දගේ නිවට කම මෙන්ම විහිළු සහගතභාවය තවත් තිව්ර කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us