මහින්දගේ රත්තර ගනුදෙනුව FCID යට

Published in පුවත්
Tuesday, 11 August 2015 10:13

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලවතකු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. සතුව තිබු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රත්‍රන් තොගයෙන් කොටසක් ජපානයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම සම්බන්ධ ලිපිගොනුවක් තමා සතුව ඇති බවත් එය

ළඟදීම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරදෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඌවතැන්නේ සුමන හිමියෝ ඊයේ (10) මාලිගාවත්ත අභයාරාම විහාරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිකර සිටියහ.‍

මේ රත්රන් ගනුදෙනුව සම්බන්ධයෙන් මහින්ද, බැසිල්, ‍ගෝඨාභය හා ජනාධිපතිතුමාගේ එවකට කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි ගාමිණී සෙනරත් හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයවළුන් වගකිව යුතු බවද සුමන හිමියෝ පැවැසූහ.

''පසුගිය රජයේ බලවතුන් කිහිපදෙනෙක් සම්බන්ධ වූ සියලු තොරතුරු අප ළඟ තිබෙනවා. රන් සංචිතය කොළඹ හමුදා මූලස්ථානයේ කන්ටේනර් 2ක තිබූ අතර, 16 වරකදී මේ රන් තොග කොටස් වශයෙන් නැව්ගත කර තිබෙනවා. මේ රත්‍රන් ගනුදෙනුව සම්බන්ධයෙන් නීත්‍යානුකූල තත්ත්වය දැනගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා'' යයි ද ඌවතැන්නේ සුමන හිමියෝ මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

 

සැබැඳි පුවත් :

ටොන් 310යේ රත්තරන් ගනුදෙනුව යට ගහන්න යහපාලනයට ජරාවක් ! 

කබ්රාල් ,ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නොවේ, රත්තරන් හොරකමයි

එල්ටීටීඊ රත්තරන් තොගය ගැන ලියකියවිලි පුළුස්සලා ! 

ආණ්ඩුවේ දූෂණ චෝදනා මාධ්‍ය සංදර්ශන පමණයි

එල්ටීටීඊ - රාජපක්ෂ ගනුදෙනු ගැන හෙළිදරව්වක්

ටොන් 310 රත්තරන් ගනුදෙනුවට මහින්ද කො‍ටු වෙයි !

එල්ටීටීඊ - රාජපක්ෂ රත්තරන් ගණුදෙනුවේ සියළු විස්තර එළියට !

එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.! 

Last modified on Tuesday, 11 August 2015 10:26

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us