මහින්ද හාන්සියි. නාමල්ට වැලේවැල් නෑ, දෙන්නම මැදමුලනේ ගෙදර

Published in පුවත්
Wednesday, 12 August 2015 18:53

මහින්ද රාජපක්ෂ මහතා සිය කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය අතර මඟ නවතා දමා මේවන විට හම්බන්තොට නිවසට වී කාලය ගතකරමින් සිටින බව වාර්තාවේ.

මෙයට හේතුව වී ඇත්තේ තමන් දිනුවත් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වී සිටීම හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට හෝ සිදුව තිබීම නිසාය. එමෙන්ම මේවන විට මහින්ද රාජපක්ෂ පවුලේ සමාජිකයන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතල වීමෙන්, රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා ට යටත්ව සිටීම සිදුව තිබේ. එමෙන්ම කුරුණැගල දිස්ත්‍රික්කයේ බලාපොරොත්තු වූ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට නොහැකි වාතාවරණයක් උදා වී ඇතැයිද දැන ගන්නට තිබේ. මේ හෙතුවෙන් සන්ධානය ජනාධිපතිවරයාගේ රූපය පාවිච්චි කරමින් කුරුණෑගල මැතිවරණ ව්‍යපාරය දියත් කරයි.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාමල් රාජපක්ශට මන්ත්‍රීධුරයක් හෝ හිමිකර ගැනීමට නොහැකි තරමට ඔහුගේ ජනප්‍රියත්වය හීන වී ඇතැයි එම පවුලේම සමීප ආරංචි මාර්ග පවසයි. මේ හේතුව නිසා මහින්ද රාජපක්ෂ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීම සඳහා මැදමුලන ගෙදරට ගියද මේවන විට ඊට ප්‍රමාණවත් කාලයක් නැතැයි රාජපක්ෂ මහතාම පුත්‍රයාට දැනුම් දී තිබේ. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ අයියා මලෝ සියළු දෙනාම මේවන විට කුඩා ජනහමු පවත්වමින් නාමල්ව දිනවන ලෙස ඡන්ද දායකයන්ට ආයාචනා කරමින් සිටී. නාමල්ට විශාලම අභියෝගය වී ඇත්තේ චමල් රාජපක්ෂ මහතා විසින් නාමල්ට එරෙහිව ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයබවද දැන ගැනීමට ඇත.

සැබැඳි පුවත් : හම්බන්තොට රාජපක්ෂලා පරදා චානක උඩ ඒවිදැයි සැකයක්

                මහින්දට හම්බන්තොට මළ වෙයි. ගිය පයින් ආපසු එයි.

                පී.ඩී.පෙරේරාගේ අනාවැකියෙන් සන්ධානය නොසන්සුන් 

                මහින්ද, මෛත්‍රීට යටත් වෙයි ! තනතුරුත් එපා කියයි. 

                කුරුණෑගලත් බෑ වගේලු

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us