ජනපති කියනවා නම් 16 කල්ලිය යළි ඇමැතිකම් බාරගැනීමේ තීරණයක

Published in පුවත්
Thursday, 12 April 2018 15:21

නව කැබිනට් මණ්ඩලයක් අද දින පත් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කෙරුණද ඒ ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසුව සිදු වනු ඇති බව පැවැසේ. කෙසේ නමුත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව කටයුතු කළ ශ්‍රීලනිපයේ 16 දෙනා ඊයේ ඇමැතිකම් වලින් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළද ජනධිපතිවරයා මිළඟ (22 දා) ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව හමුවේ ගන්නා තීන්දුව මත යළි ඇමැතිකම් බාර ගැනීමේ බලාපොරොත්තු ද තබා ගෙන සිටී.

අද පැවැති එම කණ්ඩායමේ මාධ්‍ය හමුවකදී එස් බී දිසානායක පෙන්වා දුන්නේ තමන්ගේ යෝජනාව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම වුවත් එය පක්ෂය අනුමත නොකර තව දුරටත් ජාතික අණ්ඩුවේ රැඳී සීමට තීරණය කරන්නෙ නම් තමන් ද ඒ තීරණය සමඟ සිටින බවය.

තමන් විශ්වාසභංගය හමුවේ පරාජය වූ බවත් එජාපය බහුතරය රැකගෙන විශ්වාසය තහවුරු කරගත් බවත් ඔහු අවධාරණය කළ අතර මේ හේතුවෙන් ඔවුන්ට තනිවම ආණඩුවක් පිහි‍ටුවා ගැනිමට ඉඩ දීම විය යුතු බවත් පැවසීය. එසේම එම ආණ්ඩුවට ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ටද එක් වීමේ අවස්ථාව ඇති බවත් පෙන්වා දුන්නෙය.
කෙසේ නමුත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූවත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තව දුරටත් නියෝජනය කරමින් ආණ්ඩුවේ හොඳ තීරණ වලට සහය දීම දිගටම කරන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us