සිරිසේනගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරලා වැඩ වරද්ද ගන්න එපා. කතානායක රජයේ සේවකයන්ට අවධාරණය කරයි Featured

Published in පුවත්
Sunday, 11 November 2018 19:55

කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කථානායකවරයා සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියලු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීම බව ද නිවේදනයක් නිකුත් ‍කරමින් මේ බව කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හී නීත්‍යානුකූල භාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීම පිළිබදව අර්ථ නිරුපනයක ලබ ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යනුවෙන් කථානායක වරයා දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කරන බව තමා දැන සිටි බව කථානායක කරූ ජයසූරිය මහතා එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ තමා විමසිල්ලෙන් නිරීක්ෂණය කළ බව ද එම නිවේදනයේ දැක්වෙයි.

විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතළ අවදානමක් වනු ඇති බව ද කථානායකවරයා සඳහන් කරයි.

මෙවන් බරපතළ පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියලු රජයේ සේවක පිරිස් වෙත තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙස ද කථානායකවරයා අවධාරණය කරයි.

සියලු දෙනාගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත බවත්, මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස ද කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන බවත්, ඉහත සඳහන් කළ තමාගේ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමට තමා සූදානම් බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us