IMF ආධාරත් නවතියි.. මහ භාණ්ඩාගාරය හිස්..!

Published in පුවත්
Sunday, 18 November 2018 14:16

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා‍වට සිය ආධාර ලබා දීම අත්හිටවූ බව අද පවසා තිබෙනවා. The Sunday Morning පුවත්පත ඔස්සේ සිය අදහස් දක්වමින් එහි ප්‍රකාශක ජෙරී රයිස් මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව 2016 ජූනි මාසයේ 03 දින ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් තුන් අවුරුදු ව්‍යාපෘතියක් සහ 185% ක කෝටාවක් අනුමත වී තිබුණා. ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කිරීමට සිටි මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ලෙස සැළකිය හැකි වෙනවා.

මෙම ව්‍යාපෘතියට බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියාවට නැංවූ ඉන්ධන මිල සූත්‍රය ද ඇතුළත් ව තිබුණා. නමුත් රාජපක්ෂ රෙජිමය යළි මෙරට දේශපාලන බලය අල්ලා ගැනීමත් සමඟ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වීම හා එම ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට පටහැනි වීම හේතුවෙන් මේ අයුරින් සිය ආධාර ලබා දීම නතර කර තිබෙන බව එහි ප්‍රකාශක ජෙරි රයිස් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

සති තුනක් තිස්සේ ජාත්‍යන්තරයෙන් වරින් වර ශ්‍රී ලංකාවට අනතුරු හඟවමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අයුරින් කටයුුතු කරන ලෙස ජනාධිපති සිරිසේනට දන්වා තිබුණා. නමුත් එම දැනුම්දීම් ගණන් නොගැනීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. තුන්වන ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කර නොගැනීම හේතුවෙන් රටක් වශයෙන් ශ්‍රී ලංකාව නැවතත් විශාල ආර්ථීක අර්බුදයක පැටළිම වැළැක්විය නොහැකි තත්වයක් උදා වෙමින් පවතිනවා.

මේ අතර GSP+ සහනය අහිමි කිරීමට යුරෝපා සංගමය සූදානමින් පසුවන බවටත් වාර්තා පළ වෙනවා. ලබන වසර සඳහා ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 1000 ණය ගෙවා ගැනීමේ බරපතල අර්බුධයකට මහ භාණ්ඩාගාරය පත්ව තිබෙන බවද දැන ගැනිමට තිබේ. යහපාලන රජය විසින් මෙම ණය කළමනාකරනය කර ගැනීම සදහා විදේශ සංචිත ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රමණයක් රඳවා ගැනීම සිදු කළ මුත් මහින්ද රාජපක්ෂ ඒ මුදල් සංචිතය තමන්ගේ ප‍ටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේවන විටත් වැය කර අවසන්ය. දැන් මහ භාණ්ඩාගාරය හිස්ය.

sunday 2

Last modified on Sunday, 18 November 2018 16:33

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us