තොරතුරු පනත ඔක්තොර්බර් 26න් පසුව අක්‍රීයයි ! Featured

Published in පුවත්
Wednesday, 28 November 2018 21:52

ඔක්තොර්බර් 26 වන දින සිරිසේන ජනධිපතිවරයා විසින් ආණ්ඩුවේ බලය නිති විරෝධීව රාජපක්ෂවරුන්ට පැවැරීමෙන් පසුව තොරතුරු දැනගැනීම සඳහා ජනතාව සතුව තිබු අයිතියද අහෝසි වෙන ලකුණු පහල වෙමින් තිබෙන බව ප්‍රකට මාධ්‍ය විශ්ලේෂකයකු වන නාලක ගුණවර්ධන මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

"තොරතුරු නීතිය යටතේ ගොනු කරෙන ඉල්ලුම්පත්වලට ඔක්තෝබර් 26දායින් පසු පොදු අධිකාරීන් බොහොමයකින් කිසිදු ප්‍රතිචාරයක් නෑ - නිතර RTI භාවිත කරන මාධ්‍යවේදී කියයි. හේතුව උවමනාවෙන් රටේ නීති නොතකා හැරීමද - දැනට ඇති රාජ්‍යසේවා අකර්මන්‍යතාවද? , යනුවෙන් එහි සඳහන් කර තිබේ.

යහපාලන රජය විසින් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංකරණ වල ප්‍රමුඛ කටයුතක් වූයේ තොරතුරු දැන ගැනීමෙහි මහජනතාව සතු අයිතිය සහතික කිරීමය. ඒ වෙනුවෙන් තොරතුරු පනත සම්මත කර ගත්තේය. රාජපක්ෂ යුගයේදී මෙම අයිතිය වෙනුවෙන් කරු ජයසූරිය මහතා ගෙන ආ යෝජනාව විවාදයටවත් නොගෙන කටහඬ අනුව ඡන්ද විමසමින් එය ඒ මොහොතේම නිශ්ප්‍රභා කිරීමට ඔවුන් කටයුතු කළේය. එදා ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනද රාජපක්ෂවරු සමඟ සිට ගත්තේය.

ඒ කොහොම උනත් දැන් රාජපක්ෂ වරු බලහත්කරයෙන් ආණ්ඩුවේ බලය අත්පත් කර ගැනීමෙන් අතරුරුව රාජ්‍ය ආයතවල බලයද රාජපක්ෂවාදීන් විසින් බලහත්කාර කමෙන් නීති විරෝධීව අත්පත් කරගෙන තිබේ.

ඒ තත්වයන් යටතේ තොරතුරු දැන් ගැනීමේ පනත ක්‍රියාත්මක වීම වැලැක්වීම ගැන පුදුම විය යුතු නැත. මේ එරෙහි වන්නේ යහපාලන රජයේ අයිතියක් නොව සමස්ත ජනතාවගේ අයිතියක් බව හිතන්නට තරම් රාජපක්ෂවරු ප්‍රජාතන්ත්‍රවාදීන් නොවෙති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us