කතානායකගේ විසඳුමට ජනපති එකඟ වේ. මහින්ද පච වෙයි ! Featured

Published in පුවත්
Thursday, 29 November 2018 17:37

සිරිසේන ජනාධිපතිවරයා සමඟ අද සවස පැවැති සාකච්ඡාවේදී පවතින දේශපාලන අර්බුධ සමබන්ධයෙන් ස්ථිර සාර විසඳුමක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා කතානායක වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ඉදිරිපත් කරන බව කතානායක වරයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කොට තිබේ. එය පහත දැක්වේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරඹුණ හා ඒකාබද්ධව ආණ්ඩුවක් පිහි‍ටු වීමට සහය පළ කරන බවය.

දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකරන ලද ලිපියෙන් ජනාධිපතිවරයා නව අගමැතිවරවරයෙක් පත්කොට මාසයක් ගතවීමෙන් අනතුරුවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට ඔහු සමත් වී නොමැති බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්, පසුගිය නොවැම්බර් 14 සහ 16 දෙදින සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව රටට අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් නිර්මාණය වූ බව පෙන්වා දෙති.

මේ තත්වය හමුවේ මාසයකට වැඩි කාලයක් තුළ රටෙහි රජයක් නොමැති තත්ත්වයක් මතුව ඇති බව ද එම ලිපියේ සඳහන්වේ.

ආර් සම්බන්දන්
එම් ඒ සුමන්තිරන්
මාවෙයි සේනාධිරාජා
ඩී සිද්ධාර්තන්
එස් ශ්‍රීධරන්
ඊ සරවනපවන්
සෙල්වම් අඩෙයිකලනාදන්
චාර්ල්ස් නිර්මලනාදන්
ශාන්ති ශ්‍රීස්කන්ධරාජා
එස් සිවමෝහන්
සීනිතම්බි යෝගේෂ්වරන්
ජී ශ්‍රීනේෂන්
කේ කොඩීස්වරම්
කේ තුරයිරත්නසිංහම් - යන මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් තබා තිබේ.

මෙම තත්ත්වය තවදුරටත් පැවතිය යුතු නැති බව තමුන් විශ්වාස කරන බවද දෙමළ ජාතික සංධානය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

47288733 346230229290829 9029357785590005760 n

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us