සැප්තැම්බරයේ යාල වසයි

Published in පුවත්
Friday, 08 August 2014 13:08
පවතින නියං තත්ත්වය හමුවේ සැප්තැම්බර් 01 වැනිදා සිට සැත්තැම්බර් 30 වැනිදා දක්‌වා යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.
 උද්ගතව ඇති දැඩි නියං තත්ත්වය හමුවේ වනජීවීන්ට විඳින්නට සිදුව ඇති දුෂ්කරතාව සලකා මේ තීරණය ගත් බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් එච්. ජී. රත්නායක මහතා පැවැසීය.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ වනජිවීන්ගේ ආරක්ෂාව සඳහා යාල වනෝද්‍යානය සංචාරකයන්ට වසා දමන ලෙස පරිසරවේදීහු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ බවය.
 
පසුගිය දෙසැම්බර් මාසයේ සිට වියළි කලාපයට වැසි නොලැබීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ සමස්‌ත ජල මූලාශ්‍ර දැඩි වියළීමකට ලක්‌ව ඇති බවත් තැන්තැන්හි ඇති කුඩා දිය වළවල් වෙත ඇඳී එන වනසතුන්ට සංචාරක ජීප්රථ මගින් සිදුවන බාධාකිරීම් අවම කිරීම සඳහා මේ පියවර ගන්නා ලෙසත් පරිසරවේදීහු වනජිවි අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා තිබුණි.
 
මේ පිළිබඳවද සලකා බලා එම තීරණය ගත් බව අධ්‍යක්ෂ වරයා පැවසීය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us