මහනුවර “ඔක්රේ” සංචාරක නිකේතනයේදී මෙම දෙදින ජාත්‍යන්තර සමුළුව ආරම්භ කෙරෙනුයේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මූලිකත්වයෙන් සංවිධානය කොට ඇති මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය යන රටවල් ගණනාවක නියෝජිතයෝ එක්වෙති.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රමුඛ ආචාර්ය, මහාචාර්යවරුන් රැසක් මේ සඳහා සහභාගිවන බව සමුළු සභාපති මුඛ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඩබ්.එම්. තිලකරත්න මතහා පැවසීය.
	  
 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														